දියේ ගිලෙන්නට ගිය 06ක් බේරා ගනී

101


පානදුර වෙරළ තීරයේ දියනාමින් සිටි 06 දෙනෙකු දිය වැලකට හසුවී ගසාගෙන යමින් සිටියදී පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් ඊයේ (04දා) සවස බේරාගෙන ඇත.

මෙලෙස බේරාගෙන ඇත්තේ අවුරුදු 16ත් 21ත් අතර වයසැති රත්නපුර ප්‍රදේශයේ පදිංචි පිරිමි ළමුන් තිදෙනෙකු සහ ගැහැණු ළමුන් තිදෙනෙකු‍ ය.

මෙම දරුවන්ගේ දිවි බේරාගැනීමට සමත්ව ඇත්තේ පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ පොලිස් කොස්තාපල්වරුන් වන 69951 පුෂ්පකුමාර හා 93731 දේශාන් යන නිලධාරින් දෙදෙනා විසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment