මෛත්‍රීගෙන් විශේෂ ප්‍රකාශයක්

605


දකුණු කොරියාවේ පදිංචියට යන බවට තමා සම්බන්ධව පළවන වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

තමන්ට දකුණු කොරියාවේ හෝ ලෝකයේ කිසිදු රටක පදිංචියට යාමට අවශ්‍යතාවක් නොමැති බවද ඔහු සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ දේශපාලන ප්‍රතිවාදීන් විසින් ගෙනයන මෙවැනි ආකාරයේ අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment