ටයිටැනික් කපිතාන් හිල් සමුගනී

532

ටයිටැනික් හා ද ලෝඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපට ත්‍රිත්වයෙන් දෙකක් ඇතුළු චිත්‍රපට හා ටෙලි නාට්‍ය රැසක රඟපාමින් ජනප්‍රියත්වයට පත් බටහිර රංගන ශිල්පියෙකු වන බර්නාඩ් හිල් ඊයේ (06දා) උදැසන මියගොස් තිබේ .

එංගලන්ත ජාතික රංගන ශිල්පියෙකු වන හීල් මිය යන විට 79 හැවිරිදි වියෙහි පසු වූ අතර ඔහු සත්‍ය කථාවක් පදනම් කරගෙන නිපදවූ 1997 වසරේ තිරගත වූ ටයිටැනික් චිත්‍රපටයේ ගිළුනු ටයිටැනික් නෞකාවේ කපිතාන් එඩ්වඩ් ස්මිත් ගේ චරිතය හා ”‍ද ලෝ ඩ් ඔෆ් ද රින්ග්ස් ”‍ චිත්‍රපට මාලාවේ තියෝඩන් රජුගේ චරිතය රඟ දක්වමින් අතිශයින් ජනප්‍රියත්වයට පත් විය ,

එංගලනත්යේ මැන්චෙස්ටර නගරයේ 1944 වසරේදී උපත ලබා ඇති බර් නාඩ් හිල් ච්ත්‍රපට රංගනයට පිවිසීමට පෙර බි බි සි රුපවාහිනී සේවයේ විකාශනය වූ ටෙලි නාට්‍ය රැසකට රංගනයෙන් දායක වී ඇති අතර එම ටෙලි නාට්‍ය අතර 1976 වසරේදී තිරගත වූ ”‍ක්ලෝඩියස් ”‍,1982 වසරේ තිරගත වූ ”‍ගාන්ධි ”‍ ”‍බෝයිස් ෆ්‍රොම් ද බ්ලැක්ස්ටෆ් ,1989 වසරේ තිරගත වූ ”‍ෂර් ලි වැලන්ටයින්, ”‍ද ,ස්කෝපියන් කිංග් ”‍(2002) හා ”‍ වැල්කයිරි ”‍ (2008) ප්‍රධාන වේ .ටයිටැනික් නෞකාවේ කපිතාන්වරයා ලෙස ඔහු ඉදිරිපත් කළ රංගනය මෙන්ම ”‍ද ලෝඩ් ඔෆ් ද රින්ග්ස් ”‍ චිත්‍රපට ත්‍රිත්වයට අයත් ”‍ ද ටු ටවර් ස් ”‍ හා ”‍රිටන් ඔෆ් ද කිංග් ”‍ යන චිත්‍රපටවල ඔහු ඉදිරිපත් කළ රංගනයන් විචාරකයන්ගේ මෙන්ම ප්‍රේක්ෂකයන්ගේ ඇගයීමට පාත්‍ර විය ,.

advertistmentadvertistment
advertistmentadvertistment