අක්කර 125ක් වන වගා කරයි

392

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව ස්වභාවික පුණර්ජනනය වේගවත් කිරීම සඳහා අක්කර 125 ක් ( හෙක්ටයාර 50ක් ) පමණ වනාන්තර ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහනක් පුත්තලම දිස්ත්‍රික්කයේ වීරක්කොඩිචෝලේ රක්ෂිතයේදී ආරම්භ කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (19දා) වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම ගිවිසුමට ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු පාර්ශවය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා අත්සන් කළ අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් වන සංරක්ෂණ ජනරාල් ආචාර්ය කේ. එච්. ඒ. බණ්ඩාර මහතා අත්සන් තැබීය. මෙම ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු උපදෙස් මත ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව විසින් රුපියල් ලක්ෂ 500ක මුදලක් ආයෝජනය කෙරේ.දේශීය පැළ වර්ග 35 000ක් පමණ මෙම වර්ෂයේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී සිටුවීමට සැළසුම් කර ඇත. එහිදී කුඹුක්, මී, කරඳ, ඇහැළ, දං, තිඹිරි, දිවුල්, මයිල, කොහොඹ, වීර, පලු ඇතුළු ශාක නැවත වගා කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment