කුලී ගෙවල්වලට බිල්ලන්ගේ බැල්ම

7489

මේ දිනවල විශාල මුදලක් ගෙවා නිවෙස් කුලියට ගැනීමට පැමිණෙන පුද්ගලයන් පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා නිවෙස් අයිතිකරුවන් ගෙන් ඉල්ලීමක් කරයි.

මේ හැර නිවෙස් කුලියට ගෙන සිටින පුද්ගලයන්ගේ ක්‍රියාකලාප පිළිබඳවද ප්‍රදේශවාසීන් සැලකිලිමත් විය යුතුව ඇතැයි ද නිහාල් තල්දූව මහතා කියා සිටියි.

මේ දිනවල පැවැත්වෙන යුක්තියේ මෙහෙයුම නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් වැඩි දෙනකු ආගිය අතක් නැතැයිද සමහරු පවුල් පිටින් අතුරුදන්වී ඇතැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර කැලණියේ ඊරියවැටිය ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන පදිංචිව සිටි පවුලක්ද අතුරුදන්වී ඇත.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment