ආර්ථික අවුල් හමුවේ පවුල් සැලසුම් වැඩිවෙලා – ගිය වසරේ වන්ධ්‍යාකරණ සැත්කම් 30,719ක්

365

පවුල් සැලසුම් සඳහා ඉකුත් වසරේ දී (2022) පුද්ගලයින් දෙලක්ෂ පනස් අට දහස් දෙසිය තිස්පස් දෙනෙකු (258,235) අලුතෙන් යොමුවී තිබූ අතර ඉන් තිස්දහස් හත්සිය දහනම දෙනකු (30,719) වන්ධ්‍යාකරණ සැත්කම්වලට ලක්කොට තිබූ බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙරට ආර්ථික හා සමාජ සංඛ්‍යා දත්ත සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.

2021 වර්ෂයේ මෙරට පුද්ගලයින් දෙලක්‍ෂ විසිපන්දහස් හාරසිය අනූදෙදෙනකු (225,492) අලුතෙන් පවුල් සැලසුම් සඳහා යොමු වී තිබුණි. එම වසරට සාපේක්ෂව ඉකුත් වර්ෂයේ දී පුද්ගලයින් තිස්දෙදහස් හත්සිය හතළිස් තුන්දෙනකු පවුල් සැලසුම් සඳහා අලුතෙන් යොමුවී ඇති බැව් මෙම සංඛ්‍යා දත්ත පෙන්වා දෙයි. ඉකුත් වසර හයේ දී වැඩිම වන්ධ්‍යාකරණ සැත්කම් සංඛ්‍යාවක් සිදුකොට ඇත්තේ 2022 වර්ෂයේ දීය. පවුල් සැලසුම් යටතේ ඉකුත් වර්ෂයේ දී (2022) තිස්හයදහස් හයසිය හතළිස් පස්දෙනෙකු ලූප්ස් පැළඳ තිබූ අතර පනස්දහස් දෙසිය පනස් දෙනකු ගිලින පෙති භාවිතා කර තිබුණි. එන්නත්කරණය සඳහා අසූහය දහස් පන්සිය තිස්හතරදෙනකු යොමුකර තිබුණි.

ආර්ථික ගැටලු නිසා ඉකුත් වර්ෂයේ දී වැඩි පිරිසක් පවුල් සැලසුම් සඳහා යොමු වී ඇති බව ද සමාජ විද්‍යාඥයෝ පෙන්වා දෙති.
ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment