කිරිපිටි කිලෝවක් රු. 200කින් අඩු කරන්න කිව්වා – ඇමැති නලින්

65

කිරිපිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් දෙසීයකින් පහත හෙළන ලෙස අදාළ සමාගම්වලට තමා දැනුම්දීමක් කළ බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ‘දිවයින’ට ඊයේ (19දා) කියා සිටියේය.

මේ අනුව එම සමාගම් කිරිපිටි මිල අඩු කිරීම සඳහා තමාට පොරොන්දුවක් දුන් බවද ඇමැතිවරයා කීවේය.

ඩොලරයේ අගය අඩුවීමට සාපේක්‍ෂව පාරිභෝගික ආහාර වර්ග මෙන්ම විවිධ අවන්හල්වල මිල අඩුවීමක් දක්නට ලැබෙන්නේ දැයි ඇසූ පැනයට පිළිතුරුදුන් ඇමැතිවරයා සඳහන් කළේ එය ක්‍රමානුකූලව අඩුවිය හැකි බවයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment