නත්තල් සීයා මිහිදන් කර තිබෙන්නේ අයර්ලන්තයේ ද?

282

බැටළුවන්ගෙන් පිරුණු නිල් තණනිලි සහිත හරිත කඳුකර තණබිම් ප්‍රදේශයේ, 13 වන සියවස දක්වා දිවෙන සොහොන් සහිත සුසාන භූමියක් මධ්‍යයේ, මේව් සහ ජෝ ඕ‘කොනල්ගේ පවුලේ නිවසට ඉහළින් සාන්ත නිකලස් පල්ලියේ කුලුනේ නටබුන් දක්නට ලැබේ.

මෙහි සදාකාලිකව සැතපෙන අය අතර වතුයායේ මුල් පදිංචිකරුවන් ද, පල්ලියේ පූජකතුමන් ද, ප්‍රාදේශීය පුරාවෘත්තයට අනුව මයිරාහි සාන්ත නිකලස් ද වේ. ඔව්, ඒ සැන්ටා ක්ලෝස් හෙවත් නත්තල් සීයාට ආභාෂය දුන් සාන්ත නිකලස්ම ය.

අද වන විට, අයර්ලන්තයේ කිල්කනි නගරයට කිලෝමීටර් 20ක් දකුණින් පිහිටි පාළුවට ගිය අක්කර 120ක 12වන සියවසේ මධ්‍යකාලීන නගරයක් වන ජර්පොයින්ට් පාර්ක්හි අයිතිකරුවන් වන්නේ ඕ කොනෙල්වරු වන අතර, අද එහි වෙසෙන එකම මිනිසුන් ද ඔවුන් වේ.

නෝර් නදිය සහ ලිට්ල් ඇරිගල් නදිය හරස් වන ස්ථානයේ පිහිටා ඇති, පෙර දී ‘නිව්ටවුන් ජර්පොයින්ට්’ ලෙස හැඳින්වූ මෙම ජනාවාසය ක්‍රිස්තු වර්ෂ 1160 දී පමණ අයර්ලන්තයට පැමිණි නෝමන්වරුන් විසින් ආරම්භ කරන ලද්දකැ යි සැලකේ.

advertistmentadvertistment
advertistmentadvertistment