පළාත් සභා – ප්‍රා. සභා අධීක්‍ෂණයට දිනේෂ් – වජිර කමිටු දෙකක්

66

දැනට විසුරුවා හැර තිබෙන පළාත් පාලන ආයතන හා නිල කාලය අවසන්ව ඇති පළාත් සභා අධීක්‍ෂණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි කමිටු දෙකක් පත්කර තිබේ.

ඒ අනුව ආණ්ඩුකාරවරුන් යටතේ පවතින පළාත් සභා කටයුතු සොයා බැලීමට හිටපු අමාත්‍යවරයකු මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුද වන වජිර අබේවර්ධන මහතා පත්කර ඇත.

පළාත් පාලන ආයතනවල කටයුතු සොයා බැලීමට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති කමිටුව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර, මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පළාත් ආණ්ඩුකාරවරුන් හා දිස්ත්‍රික් කමිටුවල සභාපතිවරු ඇතුළත් වෙති.

දැනට පළාත් පාලන ආයතනවල කටයුතු බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑමට මෙම කමිටු හරහා කටයුතු කෙරෙන බව රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පවසයි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment