හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේදී ඊයේ නැගුණු මැයි දින හඬ…

145

ලෝක කම්කරු දිනය නිමිතිකරගෙන ප්‍රොටෙක්ට් සංගමය විසින් සංවිධානය කරන ලද මැයි දින උද්ඝෝෂණයක් 01 දින හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේදී පවත්වන ලදී.

එම සංගමයේ උප සභාපතිනි එම්. මෛදිලි මත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම මැයි දින උද්ඝෝෂණය පැවැත්විණි.

අවිධිමත් කම්කරුවන්ට නිසි ආරක්‍ෂාවක් සලසනු, ඉහළ යන ඖෂධ මිල පහළ දමනු, ගෘහ සේවිකාවන්ට නිසි වැටුපක් ලබාදෙනු, අවිධිමත් කම්කරුවන්ට නිසි ලෙස ඊ.ටී.එෆ්, ඊ.පී.එෆ්. ලබාදෙනු වැනි සටන් පාඨ කියමින් මෙම පිරිස මෙසේ උද්ඝෝෂණයේ යෙදී සිටියහ.
හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

advertistmentadvertistment
advertistmentadvertistment