තව ටික දිනකින් ගෑස් මිල තවත් බහිනවා කෝටාවට ඉන්ධන දීමේත් වෙනසක් – එජාප මැයි රැලියේදී සාගල කියයි

146

ගෑස් මිල තව ටික දිනකින් තවත් අඩුවනු ඇතැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා ඊයේ (01 දා) පැවසීය.

කෝටා ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම ද ඉදිරියේදී වෙනස් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා එක්සත් ජාතික පක්‍ෂ මැයි දින රැලිය අමතමින් පැවසීය.

සියයට 70 ක්ව තිබූ උද්ධමනය මේ වනවිට සියයට 35 ක් දක්වා අඩු වී ඇති බවත්, එය තනි ඉලක්කමකට ගෙනඒම රජයේ උත්සාහය බවත් පැවසූ සාගල රත්නායක මහතා මේ වනවිට තෙල් මිල අඩුවී ඇති බවත් තවත් ටික දිනකින් ගෑස් මිල ද අඩුවනු ඇතැයි බලාපොරොත්තු තබා ගත හැකි බවත් කියා සිටියේය.

මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගම පැවසුවේ ගෘහස්ථ ගෑස් සම්බන්ධව ඇති මිල සූත්‍රය අනුව මාසිකව සිදුකරන මිල සංශෝධනය 04 වැනිදා සිදු කිරීමට නියමිත බවය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment