බෝම්බ හිම කුණාටුවෙන් – ඇමරිකාවේ – කැනඩාවේ 19ක් මියයති – මිලියන 250 ක් ජනතාව විපතේ – විදුලිය විසන්ධි වී නත්තල අඳුරේ

298

ඇමරිකා එක්සත් ජනපදයට හා කැනඩාවට ඉකුත් සිකුරාදා (23දා) කඩා වැදුණු ‘බෝම්බ හිම කුණාටුව’ යනුවෙන් හැඳින්වෙන දරුණු හිම කුණාටුවට ගොදුරු වීමෙන් 19 දෙනකු මියගොස් ඇති අතර මිලියන 250කට පමණ දැඩි අසීරුතාවන්ට මුහුණපෑමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඇමරිකානුවන් හා කැනේඩියානුවන් මිලියනයකට අධික පිරිසකට හිම කුණාටුව හේතුවෙන් විදුලිය විසන්ධි වී අඳුරේ සිටීමට ද සිදුව ඇති බව වාර්තා වේ.

හිම කුණාටුවත් සමගම පැමිණි දැඩි සුළං හා ජල ගැලීම් හේතුවෙන් විදුලි කණු කඩා වැටීමෙන් මෙසේ විශාල පිරිසකට මෙවර නත්තල විදුලිය නොමැතිව අඳුරේ සැමරීමට සිදුව තිබේ. මෙම හිම කුණාටුව දශක හතරකට පසු උතුරු ඇමරිකාවට කඩා වැදුණු දරුණුම හිම කුණාටුව සේ සැලකෙන අතර එය කැනඩාවේ ක්විබෙක් ප්‍රාන්තයේ සිට ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් දක්වා සැතපුම් 2000ක (කිලෝ මීටර් 3200ක පමණ) දුරක් ගමන් කර ඇති බව ඇමරිකානු කාලගුණ විශේෂඥයෝ පවසති. හිම කුණාටුව හේතුවෙන් හටගෙන ඇති දරා ගත නොහැකි අධික ශීතල බොහෝ ප්‍රාන්තවලට බලපා ඇති අතර ඊයේ (25දා) වන විට දරුණුම ශීතල බලපා තිබුණේ බටහිර ඇමරිකානු ප්‍රාන්තයක් වන මොන්ටානා ප්‍රාන්තයටයි. එම ප්‍රාන්තයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක -50ක් (සෙල්සියස් අංශක -45ක් ) දක්වා පහත වැටී ඇති බව වාර්තා වේ.

හිම කුණාටුව හේතුවෙන් ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ මෝටර් රථ 50ක් එකිනෙක ගැටී ඇති අතර එම අනතුරින් සිවු දෙනකු මියගොස් ඇත.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment