ග්‍රාමනිලධාරී සම්මුඛ පරීක්‍ෂණ මාර්තු 13 – 14 – 15 දිනවල

30

නව ග්‍රාම නිලධාරීන් 2002දෙනකු බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ මාර්තු මස 13 ,14 සහ 15 දිනවල පැවැත්වෙන බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා ඊයේ (28 දා) පැවසීය.

සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වීමෙන් අනතුරුව මෙම පිරිස කඩිනමින් රාජ්‍ය සේවයට එක්කර ග්‍රාම නිලධාරීන්ගේ පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවද රාජ්‍ය ඇමැතිවරයා පුත්තලම වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවතින ග්‍රාම නිලධාරී ගැටලු පිළිබඳව සොයා බැලීමේ අවස්ථාවට එක්වෙමින් සඳහන් කළේය.

2023 දෙසැම්බර් 02 වැනිදා පැවැති ග්‍රාම නිලධාරී විභාගයෙන් සමත් 423 ක් දෙනා සම්මුඛ පරීක්‍ෂණයට සහභාගිවීමට නියමිතය. සම්මුඛ පරීක්‍ෂණට අදාළ ලිපි විභාගය සමත් පුද්ගලයින්ගේ ලිපින වෙත ඉදිරියේදී යොමු කිරීමට නියමිත බවද රාජ්‍ය ඇමැතිවරයා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment