ගාසා ළමා අරමුදලට කාගිලිස් සභාපතිගෙන් ලක්ෂ 30ක්

92

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපතිවරයා විසින් ආරම්භ කරනු ලැබූ ‘ගාසා හි ළමා අරමුදල සඳහා රුපියල් ලක්ෂ 30ක මුදලක් පරිත්‍යාග කිරීමට කාගිල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති රංජිත් පේජ් මහතා ඊයේ (28 දා) කටයුතු කළේය.

පේජ් මහතා ඊට අදාළ චෙක්පත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මුදල් අමා්‍යාංශයේදී ලබා දුන්නේය.

ගාසා හි ළමා අරමුදල සඳහා සියලුම අමාත්‍යාංශ සහ රජයේ ආයතන එක්ව මෙවර ඉත්තාර් සැමරුම් පැවැත්වීම සඳහා වෙන්කර තිබූ ප්‍රතිපාදන මෙම අරුදලට ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

මේ සඳහා ජනතාවගේ සහය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටි අතර ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතින්ගේ නිල නියෝජිතායතනය හරහා ලබාදීමට අදහස් කර ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment