CBL මන්චී, BRCGS AA++ සහතිකය ලත් දකුණු ආසියාවේ එකම බිස්කට් නිෂ්පාදකයා ලෙසින් පිළිගැනීමට ලක් වෙයි

59

CBL මන්චී, ආහාර සුරක්ෂිතතාවය සහ ගුණාත්මක තත්ත්වය වෙනුවෙන් පිදෙන Brand Reputation through Compliance Global Standards (B AARCGS)+ Food Safety සහතිකය ලත් දකුණු ආසියාවේ එකම බිස්කට් සන්නාමය ලෙස පිළිගැනීමට ලක් වෙමින් සුවිශේෂී සන්ධිස්ථානයක් පසුකර ඇත.

BRCGS AA+ සහතිකය ගෝලීය වශයෙන් පිළිගත් නිර්ණායක රැසකින් සමන්විත වන බැවින් එය අන්තර්ජාතික පිළිගැනීමක් සහිතව ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ මහත් ගෞරවයට පාත්‍ර වූවකි. මෙම සහතිකය, ආහාර සුරක්ෂිතතාවය සඳහා ජාත්‍යන්තර ආහාර නිෂ්පාදන කර්මාන්ත අංශ විසින් සකස් කරන ලද ඉහළම ප්‍රමිතීන් පවත්වාගෙන යාම වෙනුවෙන් සමාගමක් සිදුකරනු ලබන කැපකිරීම පෙන්නුම් කරන අතර තවදුරටත් පාරිභෝගික විශ්වාසය වර්ධනය වීම තහවුරු කරයි.

මෙම සහතිකය ජාත්‍යන්තර වශයෙන් ඉහළම පිළිගැනීමක් ඇති GFSI (Global Food Safety Initiative) සංවිධානයේ පරාමිතීන්ට අනුකූලව පිළිගත් ආහාර සුරක්ෂිතතාවය සඳහා වූ ඉහළම පරාමිතීන්ගෙන් යුත් සහතික කිහිපයකින් එකකි. BRCGS – Food Safety සහතික කරණයේදී පෙර දැනුම්දීමකින් තොරව කරන ලද විගණනයක් සඳහා ලබා ගත හැකි ඉහළම ශ්‍රේණිගත කිරීම වන්නේ BRCGS AA+ සහතික කරණයයි.

මෙම සහතිකය CBL මන්චී සමාගම විසින් ස්වේච්ඡාවෙන් ඉල්ලු‍ම් කරනු ලැබූ පූර්ව දැනුම් දීමකින් තොරව සිදු කළ විගණනයට යටත්ව හිමිකර ගෙන තිබීම විශේෂත්වයක් වන අතර, මෙමගින් සමාගම විසින් මෙහෙයුම්වල උසස් ප්‍රමිතීන් සහතික කිරීම සඳහා සහ ආහාර සුරක්ෂිතතා ක්‍රියා පිළිවෙත් සඳහා කෙරෙන අඛණ්ඩ කැපවීම විදහා දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment