කන්කසන්තුරේට අද සිට සැප දුම්රියක්

333


කොළඹ අගනුවර සිට උතුරුකරයේ කන්කසන්තුරය දක්වා ගමන් ගන්නා මගීන් හට සියලු පහසුකම් සහිත සුබෝපභෝගී දුම්රිය සේවාවක් අද පෙරවරුවේ ආරම්භ විය.
ඒ අනුව අද පෙ.ව. 5.10 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයේ සිට කන්කසන්තුරේ දුම්රිය ස්ථානය දක්වා සුබෝපභෝගී දුම්රියක් ධාවනය ආරම්භ කළේය.මෙම දුම්රිය සෑම දිනකම ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.10ට ආරම්භ කොට දහවල් 12.17 වන විට කන්කසන්තුරය දුම්රිය ස්ථානය දක්වාත් එදිනම ප.ව 1.15ට කන්කසන්තුරය දුම්රිය ස්ථානයෙන් ආරම්භ කොට රාත්‍රී 8.25 වන විට ගල්කිස්ස දුම්රිය ස්ථානය දක්වාත් පැමිණිමට ධාවන කාල සටහන සකසා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment