වතු සේවක දීමනාව ගන්න වෘත්තීය සමිති නීතිය හමුවට

136


මස්කෙළියල කෑගල්ල හා නමුණුකුල යන තේ වතු වල සේවය කරන ලංකා වතු සේවා සංගමයට අයත් සේවකයින්ගේ ව්‍යවස්ථාණුකූල අයිතිවාසිකම් වතු සමාගම් විසින් උල්ලංඝණය කිරිමට එරෙහිව නීති මගින් කටයුතු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ලංකා වතු සේවා සංගමය පවසයි.සිය සාමාජිකයින් දැණුම්වත් කිරිමේ හමුවක් අද පෙරවරුවේ මස්කෙළිය ශ්‍රී ෂන්මුගනාදන් හින්දු කෝවිල් සංස්කෘතික ශාලාවේදී පැවැත්විණි.
මෙහිදී මාධ්‍ය හමුවක් පවත්වමින් ලංකා වතු සේවා සංගමයේ නියෝජ්‍ය සභාපති රියන්සි විජේමාන්න මහතා මෙසේ පැවසීය.
ලංකා වතු සේවා සංගමය හා සමාගම් 22 කින් සමන්විත වතු හාම්පුතුන්ගේ සංගමය සමග 2019 වසරේදී සාමුහික ගිවිසුමක් අත්සන් කළා.මෙම සාමුහික ගිව්සුමේදී අනෙකුත් සමාගම් 19 ලංකා වතු සේවා සංගමයත් සමග අත්සන් කරපු සාමුහික ගිවිසුමට අනුව වැඩිකළ සියයට 25ක මුදලට අනුව ව්‍යවස්ථාපිත දීමනාව එකතු කරන්න කටයුතු කළා. නමුත් මේ වන තෙක් ව්‍යවස්ථාපිත දීමනාව වන සේවක අර්ථසාධක හා සේවා නියුක්තිකයින්ගේ දීමනාව එකතු නොකර දීමනාවක් හැටියට ලබා දෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment