පොදු ප්‍රවාහනය අඩාලයි නගරයට ආ ජනතාව අනාථයි – කිලෝමීටර් ගණන් දිග තෙල් පෝලිම් ඊයේත්

122

රාජකාරී සහ අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට පැමිණි ජනතාව යෑමට ඒමට ප්‍රමාණ වත් බස් රථ සහ දුම්රියන් නොමැති වීම නිසා දැඩි පීඩාකාරී තත්ත්වයට පත්ව සිටියහ.

ඉන්ධන අර්බුදය නිසා පොදු ප්‍රවාහනය අඩාල වීමෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව තිබූ අතර වෙනත් දිනවල බස් රථ හතරක පමණ ගමන් කරන පිරිස් ඊයේ (04 දා) එක් බස් රථයක ගමන් කරන තත්ත්වයට පත්වී තිබූ බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජයරත්න මහතා පැවසීය. මේ ආකාරයෙන් ජනතාව නංවාගෙන ගොස් බස් රථයක් ආපදාවට ලක්වුවහොත් ඒවා අලුත්වැඩියා කිරීමට විශාල වියදමක් දැරීමට සිදුවිය හැකි බව ද ඒ මහතා කීය. ඊයේ රජයේ සහ පෞද්ගලික අංශයේ රාජකාරි දිනයක් වූ බැවින් පිට පළාත්වල සිට කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට පැමිණි සේවකයෝ පොදු ප්‍රවාහනය ප්‍රමාණවත් නොවීම නිසා දැඩි අපහසුතාවලට පත්ව සිටියහ.

ඉන්ධන අර්බුදය නිසා රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන් සඳහා පෞද්ගලිකව ඉන්ධන සපයා ගැනීමට නොහැකිවීම නිසා ඊයේ ද ඉන්ධන හල් අසල කිලෝමීටර් ගණන් දිගු පෝලිම් දක්නට ලැබිණි. ඇතැම් පෝලිම්වල  ගැටුම් සිදු වූ බවට ද වාර්තා විය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment