එක්සෙල් වර්ල්ඩ් හි ස්නෝ වර්ල්ඩ් ශීත ඍතුවේ විස්මය කොළඹදී එළිදක්වයි!

146

විස්මය ජනක නව දීප්තිමත් පෙනුමකින්, සෑම වයස් කාණ්ඩයකටම සිත් ඇදගන්නා සුළු අත්දැකීමක් සහතික කරමින්, විශිෂ්ට නැවත ආගමනයක් සිදුකරන එක්සෙල් වර්ල්ඩ් හි ස්නෝ වර්ල්ඩ්, සිත් කුල්මත් කරවන ශීතලෙන් නැහැවෙන්න ඔබත් සූදානම් වන්න.

ස්නෝ වර්ල්ඩ්, ශීත හිමකැට සමඟ විනෝදයෙන් පිරී ඉතිරී යන, හිම පියලි පිරුණු අත්දැකීමක් ශ්‍රී ලංකාවේදී පිරිනමන එකම ස්ථානයයි.

එක්සෙල් වර්ල්ඩ් හි ස්නෝ වර්ල්ඩ් සුවිශේෂී මාධ්‍ය එළිදැක්වීම, එක්සෙල් රෙස්ටූරන්ට්ස් සහ බ්‍රවුන්ස් සමූහයේ නිලධාරීන් සමඟ පසුගියදා උත්සවශ්‍රීයෙන් පිරුණු විනෝදාත්මක සන්ධ්‍යාවක් ලෙස පැවැත්විණ.

මේ වසරේදී, ස්නෝ වර්ල්ඩ් හිමෙන් වැසුණු උත්තර ධ්‍රැවයේ මනමෝහනීය නවතම අත්දැකීමක් හඳුන්වා දෙයි. එහිදී තාරකා දිදුලන මන්දාකිණි පසුබිමක පිණිමුවන් වටා යෙදූ ජීවමාන ප්‍රමාණයේ නත්තල් කරත්තයකින් අලංකෘත වෙයි. හිම මාලිගය ඉදිරිපිට රඳවා ඇති දැවැන්ත හිම මිනිසුන් විසින් මෙම අපූරු හිම අත්දැකීම සඳහා ආරාධනා කිරීම සිත්පැහැරගන්නා සුළුය. ස්නෝ වර්ල්ඩ් මාසයක් පුරා මෙම අත්දැකීම ජනතාවට ලබාදීම සහතික කරන අතර එය දෙසැම්බර් 8 වැනිදා සිට 31 වැනිදා දක්වා පස්වරු 5 සිට රාත්‍රී 10 දක්වා විවෘතව පවතී. සියල්ලන්ටම ත්‍රාසජනක ක්‍රීඩා සහ විනෝදාස්වාදයන් පිරිනමමින් එක්සෙල් වර්ල්ඩ් දෙසැම්බර් 15 වැනිදා සිට උත්සව සැණකෙළියක් ද සංවිධාන කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment