ජනාධිපතිගේ විපක්‍ෂ භීතිකාව කුලියාපිටියේ දී එළියට පැන්නා

74

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස්

විපක්‍ෂයේ සාර්ථක වැඩපිළිවෙළ හමුවේ ජනාධිපතිවරයාගේ භීතිය කුලියාපිටියේ ජනරැලියේ දී දැකගත හැකි වූවා යැයි ජාතික නිදහස් සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (11දා) ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා කලියාපිටියේදී කළ ප්‍රකාශයෙන් චරිත දෙකක් ඉස්මතු කළ බවත් ඔහු අතීතයේ වචන පාවිච්චි කිරීමේදී ඉතා පරිස්සමෙන් පාවිච්චි කළ බවත් පීරිස් මහතා නිදහස ජනතා සභා කාර්යාලයේ ඊයේ (11දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

මෙම වසරේ ජාතික තලයේ මැතිවරණ පැවැත්වෙන බවත්, එයට අදාළ මුදල් නොමැති යැයි පවසා ඡන්ද කල් දැමීමට විපක්‍ෂය ඉඩ නොදෙන බවත් පීරිස් මහතා කීය.

ජනාධිපතිවරයා අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමේදී පාර්ලිමේන්තු මැතිවරණය හා ජනාධිපතිවරණය මෙම වසරේ පැවැත්වෙන බව ප්‍රකාශ කළ බවත්, ඉන් පසු ජනාධිපති කාර්යාලය මගින් මෙම වසරේ ජනාධිපතිවරණය පවත්වා මහ මැතිවරණය ලබන වසරේ පවත්වනවා කියා. මොන මැතිවරණය කල් දැම්මත් ජනාධිපතිවරණය අනිවාර්යයෙන් පැවැත්විය යුතු බවත් එය නීතියට අනුව සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 17 අතර කාල පරාසය තුළ පැවැත්විය යුතු බවත් පීරිස් මහතා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment