ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLTMOBITEL පසුගියදා මෙරට ප්‍රමුඛතම සුඛෝපභෝගී නිවාස සංකීර්ණ සහ වාණිජ ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමක්වන Bricks Developers (පුද්.) සමාගම සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.

මෙම ගිවිසුම යටතේ කොළඹ 03 ප්‍රදේශයේ ඉදිවන ‘Thurstan 42 Colombo 03’ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයට අධිවේගී Fibre සම්බන්ධතා පහසුකම් සැපයීමට SLT-MOBITEL කටයුතු කරනු ඇත.

SLT හි සාමාන්‍යාධිකාරී (පාරිභෝගික ව්‍යාපාර සහය) සුගත් ආර්. ද සිල්වා සහ Bricks Developers (පුද්.) සමාගමේ සභාපති ශංකර් සෝමසුන්දරම් යන මහත්වරුන් විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදි. ඊට අමතරව දෙපාර්ශ්වය නියෝජනයකරන තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම ගිවිසුම යට‍තේ SLT-MOBITEL විසින් Thurstan 42’ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ සෑම නිවසක් සඳහාම අධිවේගී Fibre ඔප්ටික් සම්බන්ධතා පහසුකම් සපයනු ඇත. එමගින් එම නිවාසවල පදිංචිකරුවන්ට SLT-MOBITEL Fibre බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජ ලබාගනිමින්, නවීන ජීවන රටාවන්ට අතිශයින් වැදගත්වන 1 Gbps දක්වා වූ අධිවේගී අන්තර්ජාල පහසුකම් අත්විඳීමට හැකියාව ලැබේ.
SLT හි සාමාන්‍යාධිකාරී (පාරිභෝගික ව්‍යාපාර සහය) සුගත් ආර්. ද සිල්වා මහතා සහ Bricks Developer s (පුද්.) සමාගමේ සභාපති ශංකර් සෝමසුන්දරම් මහතා, අත්සන් තබන ලද ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ..

advertistmentadvertistment
advertistmentadvertistment