තක්කඩි ආණ්ඩුව ගෙදර යවන්න අන්තරේ කොළඹට එනවා – වසන්ත මුදලිගේ කියයි

343

විරෝධතාවලට සහභාගී වෙන ජනතාව ඝාතනය කරමින් මර්දනය ක්‍රියාත්මක කරන රනිල් ප්‍රමුඛ තක්කඩි ආණ්ඩුව ගෙදරම යවන්න ඉදිරියේ දී දැවැන්ත විරෝධතාවක් කොළඹදී පවත්වනවා යැයි අන්තර් විශ්වවිiාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ “දිවයින”ට ඊයේ (01 දා) පැවසීය.

ජනතාවගේ දුකට ඇහුම්කන් දෙන්නේ නැති ආණ්ඩුවට එරෙහිව ඉදිරියේදී රටේම ජනතාව පෙළ ගැහෙනු ඇතැයි විශ්වාස යැයි ද හෙතෙම කියා සිටියේය.

වෘත්තීය සමිති රට පුරා ක්‍රියාත්මක කරන උද්ඝෝෂණ,වැඩවර්ජන,විරෝධතාවලට අන්තර් විශ්වවිiාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහය ලබාදෙන බව ද ඔහු කීවේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment