වැඩ වර්ජන තිබුණත් රාජ්‍ය බැංකු මෙහෙයුම් බාධාවක් නැතිව කළා

148

මහජන බැංකු හා ලංකා බැංකු ප්‍රධානීහු කියති

වැඩ වර්ජනය ක්‍රියාත්මක වුවද ඉන් රාජ්‍ය බැංකු මෙහෙයුම් කටයුතුවලට බාධාවක් එල්ල වී නොමැති බව මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ ප්‍රධානීහු පවසති.

දිවයින පුරා ්ඔඵ හා ක්‍ඔඵ යන්ත්‍ර ක්‍රියාත්මක අතර ්ඔඵ යන්ත්‍ර සඳහා ප්‍රමාණවත් පරිදි මුදල් යොදා තිබෙන බවත් මුදල් තැන්පතු හා බිල්පත් ගෙවීමේ සේවා කිසිදු දෝෂයකින් තොරව ක්‍රියාත්මක වූ බවත් ඔවුහු පැවසූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා,

ඇතැම් බැංකු ශාඛාවල කාර්ය මණ්ඩලයේ යම් අඩුවක් තිබුණද බැංකු කටයුතු බාධාවකින් තොරව ක්‍රියාත්මක වෙනවා. එමෙන්ම දිවයිනේ කුමන හෝ ස්ථානයක බැංකු කටයුතු අකර්මණ්‍ය වී ඇති බවට කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ.

වර්ජනය ක්‍රියාත්මක වුවද අද දිනයේ දී උපරිම මහජන සේවාවක් සැලසීමට සහ රටේ ආර්ථික සහ වෙළෙඳ ගනුදෙනු බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට මහජන බැංකුව සැලසුම් කර තිබෙනවා.
්ඔඵ යන්ත්‍රවලට ප්‍රමාණවත් පරිදි මුදල් යොදා තිබෙන අතර මුදල් තැන්පත් කිරීම් සහ බිල්පත් ගෙවීමේ කටයුතු ද බාධාවකින් තොරව ක්‍රියාත්මකයි.

ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරි රසල් ෆොන්සේකා මහතා අදහස් දක්වමින්,

ගනුදෙනුකරුවන්ට කිසිදු අපහසුතාවක් ඇති නොවන පරිදි මහජන බැංකුවේ සියලු බැංකු කටයුතු අද දින සිදු කෙරෙනවා. ශාඛා බොහෝ ප්‍රමාණයක් විවෘත නොවුණත් මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන අතර රජයේ මූල්‍ය සහ වෙළෙඳ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට සැලසුම් කර තිබෙනවා.

දිවයිනට පැමිණෙන සහ දිවයිනෙන් බැහැර යන සංචාරකයන්ගේ සහ ජනතාවගේ මුදල් ගනුදෙනුවලට කිසිදු බාධාවක් සිදු නොවන ලෙස කටුනායක ගුවන්තොටුපොළ පිහිටි ශාඛාවේ මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන අතර කාගෝ මහජන බැංකුවේ ශාඛාව ද විවෘතව පවතිනවා.

advertistmentadvertistment
advertistmentadvertistment