පාඩුයි කියූ රාජ්‍ය ආයතන 52න් බිලියන 313ක ලාභයක්

47

මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ

2022 වසරේ දී රුපියල් බිලියන 743ක් පාඩු ලැබූ රාජ්‍ය ආයතන 52ක් 2023 වසරේ මුල් මාස 9 යේදී රුපියල් බිලියන 313ක ලාභයක් අත් කරගෙන ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

මේ ආයතන අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලි බල මණ්ඩලය වැනි ආයතන ද වන බව ඇමැතිවරයා කියයි. ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ පිරිවැයට සරිලන මිලක් නියම කිරීම සඳහා රජය ගත් පියවර ද මෙම ලාභ ලැබීම සඳහා හේතු වී ඇති බව ද ඇමැතිවරයා කියා සිටියේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment