මැතිනියගේ ආර්ථික ප්‍රතිපත්තිය තිබුණා නම් රට මේ අයුරින් බංකොලොත් වෙන්නේ නෑ – හිටපු ජනාධිපතිනි චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

235

107 වැනි ජන්ම දින සැමරුම්

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනතියගේ ආර්ථික ප්‍රතිපත්ති අද වන විටත් ක්‍රියාත්මකව තිබුණේ නම් රට මේ අයුරින් බංකොලොත් තත්ත්වයකට පත් නොවන බැව් හිටපු ජනාධිපතිනි චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 107 වැනි ජන්ම දින සැමරුම් උළෙල ඊයේ (17දා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ පැවති අවස්ථාවේදී කුමාරතුංග මහත්මිය එසේ පවසන ලදි. දිවංගත අගමැතිතුමියට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු මාධ්‍ය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරිය මෙසේද කීවාය.

මැතිනියගේ ප්‍රතිපත්ති පිළිගත්තා නම් රට පළවැනි වතාවට මෙහෙම බංකොලොත් වෙන්නේ නැහැ. මොකද ආණ්ඩුවට හොරකම් කරන්න බෑ. මැතිනියගේ ප්‍රතිපත්ති අනුව රට හැදෙනවා විතරක් නෙමෙයි, රට ඉස්සරහටත් යනවා. රට දැන් ගව් ගණනක් පිටිපස්සට ගොස් තිබෙන බව ද කීවාය. මෙම අවස්ථාවට අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ඒ. එච්. එම්. ෆවුසි යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක්වූහ.
නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment