ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අපවත්වී වදාළ අතිපූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී නාහිමි

82

බුදු සසුනට එල්ලවන අභියෝග මැද නොසැලී කැපවූ පැවිදි පඬිරුවනක් – යුරෝපයේ ශ්‍රී ලංකා භික්‍ෂු සංගමය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අපවත්වී වදාළ අතිපූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී මාහිමිපාණන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායටත්, පොදුවේ සම්බුදු සසුනේ චිරස්තථියටත් කළ මෙහෙවර අති මහත් බව යුරෝපයේ ශ්‍රී ලාංකික භික්‍ෂු සංගමය නිකුත් කර ඇති ශෝක පණිවුඩයෙහි දැක්වේ.

එම සංගමයේ සභාපති විජයරාජපුර ශීලවංශ නාහිමියන් හා ලේඛකාධිකාරී කටුවන සීලක්ඛන්ධ හිමියන් එම පණිවුඩය නිකුත් කර තිබේ.

බුද්ධ චරිතයටත්, බුද්ධ දේශිත ශ්‍රී සද්ධර්මයටත් විවිධ අභියෝග එල්ල වෙද්දී එවැනි දෑ පිටුදැක බුදු සසුනේ චිරස්ථථියට අමිල මෙහෙවරක් උන්වහන්සේ සිදුකළ බවද එහි දැක්වේ.

අනු නාහිමිගේ අපවත් වීම සම්බුදු සසුනටත්, රටටත් දැරිය නොහැකි පාඩුවක් – පාර්ලිමේන්තු මන්ත්‍රිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කියයි

සිය නිකායත්‍රයත්, ගිහි පැවිදි සමාජයත්, රටත් දහමින් ගුණෝපලක්‍ෂිත කිරීමේ උත්තම චේතනාව සාක්‍ෂාත් කරගැනීම උදෙසා උන්වහන්සේ උතුම් ආර්ය මහා සඟ සසුනේ හර පද්ධතීන් මැනවින් අවබෝධ කරගන්නට මහත් වෙහෙසක් ගත්තා සේම, විසල් දහම් දැනුම් සම්භාරයක් ලබන්නටත් ඇප කැප විය. මිනුවන්ගොඩ, පත්තඬුවන භික්ෂු පුහුණු මධ්‍යස්ථානාධිපති ලෙස නැදගමුවේ විජය මෛත්‍රී නාහිමිපාණන් වහන්සේ ඇප කැප වූයේ මූලික වූයේ සඟ පරපුරේ හසල බුද්ධිමතුන් රැසක් මේ උතුම් දහම් දිවයිනට දායාද කිරීමේ පරම අභිලාෂයෙනි.

එබැවින් වත්මන් සඟ සසුනෙහි වැඩ වාසය කළ ධර්මධරයාණන් වහන්සේ නමක මෙන්ම ඥාණශීල, තපෝගුණැති මහ තෙර නමක් ලෙසද සම්භාවනාවට පාත්‍ර අතිපූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී අනුනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ රට දැය එකලු කළ මහානායක හිමිපාණන් වහන්සේ නමක සේ අවිවාදයෙන් හැඳින්විය හැකිය.

අර්ථයෙන් ධර්මයෙන් ආදර්ශයෙන් සසුනඹර එළිය කළා – ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකායාරක්‍ෂක සභාවේ භාණ්ඩාගාරික ආචාර්ය ධනවර්ධන ගුරුගේ

අර්ථයෙන් ධර්මයෙන් ආදර්ශයෙන් සසුනඹර ආලෝකවත් කළ ශ්‍රේෂඨ පැවිදි යතිවරයාණන් කෙනකු වූ නැදගමුවේ විජය මෛත්‍රී අනුනාහිමියන්ගේ අපවත් වීම තුළ පුරවාලිය නොහැකි හිඩැසක් හෙළ සසුන තුළ ඇතිවිණැයි ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකායාරක්‍ෂක සභාවේ භාණ්ඩාගාරික ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වෙනුවෙන් එම නිකාය ඔස්සේ පොදුවේ ශාසනික උන්නතියටත්, රටට මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයටත් උන්වහන්සේ විශාල මෙහෙවරක් ඉටුකළ බවද එහි දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment