නාගොල්ලාගම විහාරයක ධාතු කරඬුව සොරාගත් සැකකරු අල්ලන්න පොලිස් කණ්ඩායම් 2 ක්

57

නාගොල්ලාගම ප්‍රදේශයේ පුරාණ විහාරස්ථානයක සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කර තිබූ කරඬුව සොරාගෙන පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන ආරම්භ කර ඇත.

මෙම සොරකම සිදුවී ඇත්තේ පෙරේදා (03 දා) අලුයම් කාලයේදීය.

සැකකරු විහාරස්ථානයේ ප්‍රධාන දොර කඩා ඇතුළුවී කරඬුව රැගෙන යන ආකාරය සී සී ටී වී කැමරාවල සටහන්ව තිබෙන බව පොලිසිය පවසයි.

සැකකරු පන්සලට නිතර යන එන කෙනකු බවට ද පොලිසිය මේ වනවිට හඳුනාගෙන සිටියි.

නිකවැරටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ. නන්දන මහතාගේ උපදෙස් මත නාගොල්ලාගම පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment