ජනපති සිටි හෝටලය කොටි වටකරද්දී ස්කොට්ලන්ත පොලිසිය මඟහැරියේ ඇයි?

999

ජනපති ගෝඨාභය රාජපක්‍ෂ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර කාලගුණික සමුළුව සඳහා ස්කොට්ලන්තයට ඒමට පෙර එරට රජයේ සිටින කොටි හිතවාදියකු ඒ බව බි‍්‍රතාන්‍ය ඩයස්පෝරාවට දැනුම් දී තිබුණි. ඒ අනුව එරට හැරල්ඞ් පුවත්පතේ ශ‍්‍රී ලංකා ජනපතිට අවමන් කරමින් පිටුවක් පුරා දැන්වීමක් පළකර තිබුණි. මේ අයුරින් හිටපු බි‍්‍රතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් ඉරාකයේ සිදුවූ සමූල ඝාතනයට වගකිවයුතු බවට දැන්වීමක් පළ කිරීමට හැරල්ඞ් පුවත්පත භාරගන්නේ නැත. මේ පසුබිම මැද ගෝඨාභය ග්ලාස්ගෝ නුවරට එනවිට පාර්ලිමේන්තු මන්දිරය, කටුගෙය සහ වෙනත් රාජ්‍ය ආයතනවල නියොන් ආලෝක පද්ධති මගින් මොහු ඕනෑකර තිබේ. ශී‍්‍ර ලංකා ජනපති සමූල ඝාතකයා යැයි සඳහන්වූ ආලෝක පුවරු නිර්මාණය කර තිබුණි. එහෙත් රාජ්‍ය නායකයකුට අවමන් කරමින් සිදුවූ මේ දීන කි‍්‍රයාදාමය නතර කිරීමට ස්කොට් පාර්ලිමේන්තුව කි‍්‍රයා කළේ නැත.

මෙයට පෙර ස්කොට් මන්තී‍්‍රවරු පිරිසක් ශී‍්‍ර ලංකා පොලිසියට පුහුණුවීම් ලබාදීමට කි‍්‍රයා නොකරන ලෙස එරට රජයෙන් ඉල්ලා තිබුණි. මේ තත්ත්වය මත රාජ්‍ය නායකයකුට අවමන් කිරීමට ස්කොට් රජය ඉඩ දීමෙන් ඔවුන්ගේ අශ්ලීල කි‍්‍රයාදාමය සනාථ වේ.

ගෝඨාභයට එරෙහිව ප‍්‍රචාරක දැන්වීමක් පළ කළ ස්කොට් හැරල්ඞ් පුවත්පත ලොව වෙනත් රටවල රාජ්‍ය නායකයන්ටත් මෙලෙස අවමන් කරන්නේද? කොටි ඩයස්පෝරාවේ මෙම නිහීන කි‍්‍රයාමාර්ගයෙන් තහවුරු වන්නේ බි‍්‍රතාන්‍යය රජය පමණක් නොව ස්කොට් රජය ද කොටි ඩයස්පෝරාවට යට වීමයි. එහෙත් කොටි යුද අපාධකාරියක් වූ ඇඩෙලා බාලසිංහම් බි‍්‍රතාන්‍යයේ සිටින අතර ඇයට එරෙහිව මෙතෙක් කිසිදු චෝදනාවක් එල්ල වී නැත.

ජනපති සිටි හෝටලය කොටි වටකරද්දී ස්කොට්ලන්ත පොලිසිය මඟහැරියේ ඇයි?

මෙලෙස බි‍්‍රතාන්‍ය තුළ කොටි ඩයස්පෝරාව බලවත් වී ඇත්තේ කොටින්ගේ අරමුදල් මත යැපෙන බි‍්‍රතාන්‍ය මන්තී‍්‍රවරු පිරිසක් එරට සිටින නිසාය.

එසේම ගෝඨාභය රාජපක්‍ෂ ග්ලාස්ගෝ නුවර සිටිනවිට කොටි හිතවාදීන්ගේ මෙහෙයුමක් මත ග්ලෝබල් රයිට්ස් රාජ්‍ය නොවන සංවිධානය ජාත්‍යන්තර අධිකරණය වෙත පැමිණිල්ලක් යොමුකර ඇත. එම පැමිණිල්ල බි‍්‍රතාන්‍ය මෙට්රෝපොලිටන් පොලිසියට ද යොමුකර තිබේ. ශී‍්‍ර ලංකා ජනපතිට එරෙහිව ග්ලෝබල් රයිට්ස් සංවිධානයේ වේන් ජොර්දාන් සහ උසේ සපහාර් මෙලෙස යුද අපරාධ චෝදනා එල්ලකර ඇත.

මෙලෙස ශී‍්‍ර ලංකාවේ ජනපතිට අවමන් කිරීමට සහාය වූ ස්කොට්ලන්ත රජය අනුගමනය කරන්නේ බෙදුම්වාදී පිළිවෙතකි. ස්කොට් ජාතික පක්ෂයේ නායිකාව වූ නිකෝලා ස්ටෲජන් ද උග‍්‍ර බෙදුම්වාදිනියකි. ඇය මෙහෙයවන ස්කොට් ජාතික පක්‍ෂය පසුගිය මැතිවරණයෙන් ජය ගත්තේය. එහෙත් නිකෝලා යළිත් වරක් ජනමත විචරණයක් පවත්වන ලෙස ඉල්ලා සිටී. ස්කොට්ලන්ත රජය බෙදුම්වාදීන්ට උදව් කරන නිසා බි‍්‍රතාන්‍ය කොටි හිතවාදීන් බස්රථ රැගෙන ග්ලාස්ගෝ නුවරට පැමිණ ඇත. එම බස්රථවල පැමිණි කොටි ඩයස්පෝරා හිතවාදීහු මීගමුවේ සිට කතරගම දක්වා ඊළාම් රාජ්‍යය බව දක්වන සිතියමක් සහිත ටීෂර්ට් පැළඳ සිටි බව හෙළිවිය. එහෙත් බි‍්‍රතාන්‍යයේ සිටින සිංහලයන්ට සිදුවූයේ කුමක්ද?

එම ප‍්‍රශ්නයට හොඳම ප‍්‍රතිචාරය නම් 69 ලක්‍ෂයක් ඡුන්දය දුන් ජනතාව ගැන තැකීමක් නොකර රජය අවස්ථාවාදීන්ව විදේශ රටවල ඉහළ තනතුරුවලට පත් කිරීමයි. ගෝඨාභය මෙන් ඉන්දීය අගමැති මෝදි ද ග්ලාස්ගෝ නුවරට පැමිණියත් කොටි ඩයස්පෝරාව මෝදිට විරෝධය පෑවේ නැත. බි‍්‍රතාන්‍යයේ සිටින ඉන්දීය ඩයස්පෝරාව මෝදිව හමුවී ඔහුගේ උඩුකය දක්වන නිර්මාණයක් පිළිගන්වා ඇත.

එහෙත් බි‍්‍රතාන්‍යයේ සිට ජිනීවා පැමිණි ශී‍්‍ර ලාංකිකයන් ග්ලාස්ගෝ පැමිණියේ නැත. ඊට හේතුව නම් නෝවිජියානුවන්ගෙන් ක්‍රෝන් මුදල් ලබාගත් පාර්ශ්ව ද රජය තුළට රිංගා ගෙන සිටීමයි. යුද්ධ සමයේ පළාතේවත් නොසිටි පාර්ශ්ව දැන් රජයට සමීප වී තිබේ. මේ නිසා දේශපේ‍්‍රමි ජනතාව දැඩි ලෙස කලකිරීමකට පත්වී සිටිති. මේ පසුබිම මැද ජනපති ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු ආරක්‍ෂක ප‍්‍රධානීන්ට එරෙහිව නෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර අධිකරණය වෙත යුද අපරාධ චෝදනා එල්ල කරමින් පැමිණිල්ලක් ගොනුකර ඇත. මේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෝ කවුරුන්ද? ඒ බි‍්‍රතාන්‍යයේ දේශපාලන රැුකවරණ ලබා සිටින හිටපු කොටි 200ක පිරිසකි. එසේම එම කොටි වෙනුවෙන් ජාත්‍යන්තර අධිකරණයට පැමිණිල්ල ගොනු කළේ ග්ලෝබල් රයිට්ස් නමැති නෙදර්ලන්ත රාජ්‍ය නොවන සංවිධානයයි.

විශ්ව අධිකරණ පද්ධතිය යටතේ ගෝඨාභය ඇතුළු හමුදා ප‍්‍රධානීන් අත්අඩංගුවට ගන්නැයි එම සංවිධානය අන්තර් ජාතික අධිකරණයෙන් ඉල්ලා තිබේ. එහෙත් ඊට මෙරට ජනතාවගේ හෝ රජයේ දේශපාලකයන්ගේ ද විරෝධතාවයක් එල්ලවී නැත. මෙම පසුබිම යටතේ කොටි ඩයස්පෝරාව අතිශයින් බලවත් වී ඇති බව තහවුරුවේ. රජය වන්නි මෙහෙයුම ජයගත් නමුත් කොටි ඩයස්පෝරාවට එරෙහිව නිසි පියවර නොගැනීමේ විපාක දැන් තහවුරුවේ. කොටි සිදුකළ යුද අපරාධ රැුසකි. එහෙත් මේ අපරාධ ජාත්‍යන්තර ප‍්‍රජාව හමුවට ගෙන යෑම රජය කි‍්‍රයා කළේ නැත. එහෙත් කොටි ඉතා උපක‍්‍රමශීලී ලෙස ශී‍්‍ර ලංකාවේ හමුදා ප‍්‍රධානීන්ට එරෙහිව යුද අපරාධ චෝදනා මුළු ලොව පුරා ගෙන ගියහ. අද එය බරපතළ ලෙස වර්ධනය වී ඇත. පසුගිය යහපාලන රජය නේස්බි සාමිගේ වාර්තාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් නොකළ අතර ජිනීවා යෝජනාව ගැන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡුාවට පවා ලක් කළේ නැත. එහි ප‍්‍රතිඵලය අපට ම පාරාවළල්ලක් වී ඇත. ජනපති ඇතුළු හමුදා ප‍්‍රධානීන්ට යුද අපරාධ චෝදනා එල්ල වූයේ මේ නිසාය. එහෙත් වත්මන් රජය ද නිහඬවී සිටී. කොටි ඩයස්පෝරාව පමණක් නොව ජිනීවා මානම හිමිකම් කවුන්සිලය ද දැන් ශී‍්‍ර ලංකාවේ සතුරන් වී සිටී.

රහස් පොලිසියේ නිලධාරි නිශාන්ත ද සිල්වාට නඩු වාර්තා 17 ක් සමග ස්විට්සර්ලන්තයට පැන යෑමට ඉඩදී රජය බලා සිටියේ නම් කවර කතාද?

එසේම යුද අපරාධ චෝදනා එල්ල කරන සාක්‍ෂිකරුවන් 200 කවුරුන්ද? මොවුන් කවුද යැයි මෙතෙක් හෙළිවී නැත. ඊශ‍්‍රායලයට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ලවෙද්දී හිටපු අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ සියල්ලට පෙර සාක්කිකරුවන් කවුදැයි සොයාගත යුතු බවයි. එහෙත් මෙරට රහස් පොලිසියට හෝ ත‍්‍රස්ත මර්දන ඒකකයට ඊට හැකියාවක් තිබේද?

රහස් පොලිසියේ හිටපු නිලධාරීන්ට පමණක් නොව ත‍්‍රස්ත මර්දන ඒකකයේ නිලධාරීන්ට ද දැන් චෝදනා ගොනුවී ඇත. එවන් තත්ත්වයක් මැද මේ චෝදනාවලින් ගැළවෙන්නේ කෙසේද යන්න විමර්ශනය කිරීමට රජය කි‍්‍රයාකර නැත. එවන් පසුබිමක් මැද මෙරටින් වෙනත් රටකට යැවූ තානාපතිවරයා සංහිඳියා කි‍්‍රයාමාර්ගයක් ගැන හඬනගා ඇත. පාස්කු ප‍්‍රහාරය සිදුවූයේ සංහිඳියා හෙණය නිසා බව රජය දැන්වත් තේරුම්ගත යුතුය. එසේම කිසිදු කොටි කණ්ඩායමකට එරෙහිව යුද අපරාධ නඩුවක් ගොනු කිරීමට ශී‍්‍ර ලංකාවේ රජයට හැකි වී නැත. එහෙත් රටට සහ රජයට සතුරුකම් කළවුන්ට තානාපති ධුර පිරිනැමීමට රජය කි‍්‍රයාකර තිබේ.

මේ අතර හමුදා පොලිස් සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 15කට එරෙහිව යුද අපරාධ නඩු ගොනුවී ඇත. ඒ බව එම නිලධාරීන් දන්නේද? මේ හැම දේටම මුල රජයට බුද්ධි බැංකුවක් නොතිබීමය. එය තවදුරටත් සනාථ වූයේ ජනාධිපතිවරයා නතර වී සිටි ඩබල් ටි‍්‍ර හිල්ටන් හෝටලය වටකළ කොටි කි‍්‍රයාකාරීහු ඒ මහතා දේශගුණික සමුළුවට යෑම වැළැක්වීමට කි‍්‍රයාකළත් ස්කොට් පොලිසිය මැදිහත් වී එම සැලසුම ව්‍යර්ථ කරනු ලැබීය. ලන්ඩන්් නුවර සිට පැමිණි කොටි හිතවාදීන් විශාල පිරිසක් හෝටලයට ඇතුළුවන ස්ථානයේ ඒකරාශිවී ශී‍්‍ර ලංකා ජනපතිවරයා පිටව යන්නේ දැයි විමසිලිමත් වී ඇත. මේ තත්ත්වය මත අමතර පොලිස් කණ්ඩායමක් හෝටල් පරිශ‍්‍රය වෙත පැමිණ තිබේ. මෙහිදී නැෙඟන ප‍්‍රශ්නය රාජ්‍ය නායකයකු ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වීම වැළැක්වීමට හිටපු කොටි ත‍්‍රස්තවාදීන් පිරිසකට ඉඩ දීමට ස්කොට් රජය කි‍්‍රයා කිරීමයි. එසේම ජනපති නතරවී සිටි හෝටලය අසලට පැමිණි පිරිස් අත අවි ආයුධ තිබුණේ දැයි පොලිසිය පරීක්‍ෂා කර නැත.

ජනපති නතරවී සිටි හෝටලයේ දොරටුව අසලට ඔවුන් එන තුරු ස්කොට් පොලිසිය කුමක් කළේද? ලන්ඩන් කොටින්ගේ මේ කි‍්‍රයාදාමය අපේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාල බලධාරීන් අපේක්‍ෂා කර කල් තියා ඒ ගැන බි‍්‍රතාන්‍යය එම්.අයි. 6 බුද්ධි සේවාවට දැනුම්දිය යුතුව තිබිණි. එහෙත් එවැන්නක් සිදුවී නැත. මෙවන් පසුබිමක් මැද ශී‍්‍ර ලංකා ජනපතිවරයාට අනතුරක් වීමට ඉඩ තිබුණි. එසේ වුවත් ස්කොට් රජය මේ ගැන ජනපතිට කනගාටුව පළ කළේ නැත. ජනපති සිටි හෝටලයේ දොරටුව වටකළ හිටපු කොටි ජනපතිව අත්අඩංගුවට ගන්නැයි පොලිසියෙන් ඉල්ලා සිටි බව වාර්තාවේ. මේ තත්ත්වය මත අමතර පොලිස් කණ්ඩායමක් ගෙන්වා ජනපතිට යෑමට මාර්ගයේ බාධා ඉවත් කළත් ඒ අයව විසුරුවා හැරීමට කි‍්‍රයාකර නැත.

මින් තහවුරු වූයේ ස්කොට්ලන්තය ශී‍්‍ර ලංකාව පිළිබඳව අනුගමනය කරන රාජ්‍ය තාන්ති‍්‍රක නොවන කි‍්‍රයාදාමයයි. ස්කොට්ලන්තයේ මේ කොටි හිතවාදී පිළිවෙත ගැන ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුව මෙන්ම විදේශ කටයුතු බලධාරීන් ද දැඩි විරෝධයක් නොදැක්වීම මවිතයට කරුණකි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment