මිනිසා සඳ මතට පා තබා වසර 52 යි – එදා පත්තරෙන්

537

මුළු මහත් මිනිස් වර්ගයාගේ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ජයග‍්‍රහණය ළඟා කර ගනිමින් ලෝක ඉතිහාසයේ අති බිහිසුණු අති ත‍්‍රාසජනක සිහිනය සැබෑකර

ගනිමින් මිනිස් මොළයෙන් මෙතෙක් කරනලද විශිෂ්ටතම හාස්කම ඇස් පනා පිට විදහා දක්වමින් ඇමරිකානු අජටාකාශගාමින් රැුගත් ‘රාජාලියා’ යානය අද අලූයම් යාමයේ සුවසේ සඳ මත පතිත විය.

ඇමරිකානු අජටාකාශගාමින් දෙදෙනකු වූ නීල් ආම්ස්ට්‍රොං හා එඞ්වින් ඕල්ඩි‍්‍රන් සඳ මත පා තැබීමේ ඓතිහාසික සිදුවීම එදා ජාතික පුවත්පතක් වාර්තා කරමින් පළමු ෙඡ්දය එලෙස සටහන් කර තිබිණි.

මිනිසා සඳ මතට පා තබා වසර 52 යි - එදා පත්තරෙන්

චන්ද්‍ර යානය හඳ මතට බැස්සවුණේ 1969 ජූලි 21 වැනිදා ලංකාවේ වේලාවෙන් අලූයම 1.49ටය. නීල් ආම්ස්ට්‍රොං මුලින්ම හඳ මතට පා තැබුවේ ජූලි 21 වැනිදා ලංකා වේලාවෙන් උදේ 8.27ටය. එඞ්වින් ඕල්ඩි‍්‍රන් හඳට බැස්සේ උදේ 8.47ටය. ආම්ස්ට්‍රොං ආපසු යානයට පිවිස ඇත්තේ 21 වැනිදා උදේ 10.42ටය. මයිකල් කොලින්ස්ද එම චාරිකාවට එක්ව සිටියේය. මෙම සුවිශේෂ සිදුවීම 1969 ජූලි 21 වැනිදා චන්ද්‍ර චාරිකා විශේෂ මුද්‍රණය යටතේ පළකර තිබුණේ හඳට ගියා ඇවිද්දා ජයගත්තා යන ප‍්‍රධාන සිරස්තලයකය. ගගනගාමී නීල් ආම්ස්ට්‍රොං හා එඞ්වින් ඕල්ඩි‍්‍රන් රැුගත් චන්ද්‍ර යානය උදෑසන 1.49ට සඳේ නිසල මුහුද පෙදෙසට ගොඩ බස්සවන ලදි. ඉක්බිති යානයේ යන්ද්‍ර සූත‍්‍ර හරි හැටි කි‍්‍රයා කරන්නේ දැයි පරීක්‍ෂාකර පැය කිහිපයක් විවේක ගත් ගගනගාමීන් දෙදෙනා අතරෙන් නීල් ආම්ස්ට්‍රොං ලංකාවේ වේලාවෙන් උදේ 8.27ට මානව ඉතිහාසයේම අලූත් පිටුවක් එක් කරමින් සිය පා සටහන් චන්ද්‍ර තලය මත තැබීය. ඕල්ඩි‍්‍රන් ඊට මිනිත්තු 20කට පසු චන්ද්‍ර යානාවෙන් බිමට බැස සඳේ වැලිගල් හා ¥විලි එකතු කරන්නටත් සඳේ පොළොවේ ඡුායාරූප ගන්නටත් පටන් ගත්තේය.

‘ඇපලෝ 11’ යානය මෙලෙස චන්ද්‍රයා මත පතිතවීම පිළිබඳ අද මොස්කව් ගුවන්විදුලිය විසින්ද දීර්ඝ විස්තරයක් කළේය. එහි තවත් ෙඡ්දයක් විය. මේ සමයෙහි ඇමරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ රිචඞ් නික්සන්ය. නික්සන් ස්වකීය ධවල මන්දිරයේ සිට තම රටේ ගගනගාමින් දෙදෙනාගේ මේ ආශ්චර්යමත් ගමන නිරීක්‍ෂණය කළේය. ගගනකාමින් දෙදෙනා හඳ මත ගොඩ බැසීමෙන් පසු ඔවුනට සුබ පැතුම් පණිවුඩයක් දෙමින් එම ඓතිහාසික දුරකථන පණිවුඩයේ ගාස්තුවක් ධවල මන්දිරයේ බිලට එකතු කරාවි යන බියක් ද පළ කළේ සෙස්සන්ටද තම උද්දාමය පවසමිනි. ඔවුන් ඒ පණිවුඩය වෙනුවෙන් මගේ බිලට ගාස්තුව එකතු නොකරාවි යයි සිතනවා. ඒ මොකද ඒ වෙලාවේ ගගනගාමින් සිටියේ සැතපුම් 250,000ක් ඈතින්. ඉතින් ඒ

ගාස්තුවේ තමා ගැන ආයේ හිතන්නට ඕනෑ නැහැ යයිද පවසා තිබේ.

ජූලි 16 වැනිදා හැන්දෑ යාමයේ ඇමරිකාවේ කෙනඩි තුඩුවත් අවට ප‍්‍රදේශයත් මහ හඬින් ගුම් ගන්වමින් ගුවනට ඇදී ගිය ඇපලෝ 11 යානය විශ්වයේ සැතපුම් දෙලක්‍ෂ පනස්දහසක් මග ගෙවා චන්ද්‍ර මණ්ඩලය අසලට ළඟා වීමෙන් පසු රාජාලියා නැවත චන්ද්‍ර යානය ඊයේ රාති‍්‍ර 11.42ට පමණ මව් යානයෙන් වෙන්වී චන්ද්‍ර මණ්ඩලය කරා පාත්වන්නට විය. සඳ මත පා තැබූ නීල් ආම්ස්ට්‍රොං ඔක්කොම හරි. අපි දැන් හඳ මත යයි පාලක ස්ථානය හා කතා කරමින් සඳහන් කළේය. ජූලි 21 වැනිදා ‘රිවිරැුස’ එම සිදුවීම වාර්තා කළේ මිනිස් යානය හඳට බසී යනුවෙනි. 1969 ජූලි 24 වැනිදා රාති‍්‍ර 10.21ට නිරුපද්‍රිතව ආපසු මිනිස් ලොවට ළඟාවීම ජූලි 25 (1969* එලොව ගිහින් මෙලොව ආවා යන සිරස්තලයෙන් වාර්තා කර තිබේ.

‘හඳ මාමා බලන්න ගිය බෑනලාට දෙන්න හඳ මාමාට දූලා දෙතුං දෙනෙකුවත් හිටියනම්’ ශ‍්‍රකයා හිටියා වුණත් ඉරිසියා වෙන එකක් නැහැ එයා ඇඳපු හාවාගේ රූපෙට උඩිං මිනිහාගේ රූපේ වැටීම ගැන… හඳ ජයගත් වීරයන්ට අත්පොළසන් මල් වෙඩි, මල් වැසි එම පුවත්පතෙහි අබරං සීයාගේ දවසේ කියමන පොකට් කාටුනයේ දින දෙකක එවැනි වදන්ද පළවී තිබිණි.

– නාරද නිශ්ශංක

advertistmentadvertistment
advertistmentadvertistment