තරගයේ වීරයා මතීෂ

426

මෙවර අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව අද පැවති තරගයෙන් ජයග්‍රහණය කළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත් වීමට සමත් වූයේය.
තරග 11 ක් තුළ ඔවුන් මේ වන විට ප්‍රසාද ලකුණු 13 ක් ලබා ගෙන ඇති අතර පෙරමුණේ පසුවන ගුජරාටි කණ්ඩායම ප්‍රසාද ලකුණු 14 ක් හිමි කරගෙන ඇත.
ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව අද තරගයේදී ලකුණු 15 කට කඩුලු 3ක් දවා ගනිමින් තරගයේ වීරයා බවට පත්වූයේය. එය අයිපීඑල් ක්‍රිකට් තරග බිමේ ඔහුගේ විශිෂ්ඨතම පන්දු යැවීම ලෙසින් වාර්තා වේ.
මතීෂ මෙම තරගයේ දී ප්‍රතිවාදීන්ට එකදු හතරේ පහරක් හෝ ලබා නොදුන් අතර ඔහු හමුවේ නෙහාල් වදේරා,අර්ශාඩ් ඛාන් සහ ට්‍රිට්සන් ස්ටබ්ස් දැවී ගියේය.
මතීෂ මේ වන විට තරගාවලිය තුළ දී කඩුළු දහයක් දවා ගෙන තිබේ.
අද තරඟයේ දී චෙන්නායි කණ්ඩායමේ හොඳම පන්දු යවන්නා බවට ද මතීෂ පත්වූ අතර මහීෂ් තීක්ෂණ ද සිය පන්දුවාර 4 ලකුණු 28 කට සීමා කර තිබුණි.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 139 ක් රැස් කළ අතර චෙන්නායි ක්‍රීඩකයෝ කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

advertistmentadvertistment
advertistmentadvertistment