ප්‍රති ත්‍රස්ත පනතින් අදහස් ප්‍රකාශ කිරීමට බාධා වෙන්න බෑ – ඇමරිකානු තානාපතිනිය ඇමැති විජයදාසට කියයි

193

යෝජිත ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත මගින් අදහස් ප්‍රකාශ කිරීමේ හෝ රැස්වීමේ නිදහස සීමා නොකළ යුතු බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය ඊයේ (20දා) අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතාට පවසා ඇත.

ඇමරිකානු තානාපතිනිය සහ අධිකරණ ඇමැතිවරයා අතර හමුවක් ඊයේ පැවති අතර ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය මේ බව පවසයි. එම ට්විටර් පණිවුඩයේ ඇය තවදුරටත් සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොර ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත ගැන ජනතාව සහ පාර්ලිමේන්තුව තුළ පුළුල් අදහස් හුවමාරුවක් අවශ්‍ය බවයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment