රේගුවට උඩින් ඇතැම් ඖෂධ රටට ආවාද සැකයි – සත්‍යය හෙළි කරන්නැයි වෛද්‍යවරු ඉල්ලති

140

ටෙන්ඩර් පටිපාටිය යටතේ හා හදිසි මිලදීම් ගැනීම් යටතේ මෙරටට ගෙන්වූ ඇතැම් ඖෂධ ශ්‍රී ලංකා රේගුව මඟහැර ගෙනැවිත් ඇති බවට බරපතළ සැකයක් මතු වී තිබෙන නිසා ඒ පිළිබඳව සොයා සත්‍ය හෙළිකරන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යනවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඉල්ලා සිටී.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම හා රටේ ළදරු මන්දපෝෂණය සහ බාල ඖෂධ හා එන්නත් නිසා රෝගීන් මියයෑම පිළිබඳව තමා ඇතුළු වෛද්‍ය වෘත්තිකයන් හෙළිකළ කරුණු සියල්ල මේ වනවිට තහවරු වී ඇතැයි ද ඒ මහතා කීය. රටේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය දඩමීමා කරගනිමින් දේශපාලකයන් හා ඇතැම් නිලධාරීන් මහා ඖෂධ ජාවාරමක් සිදුකරන බවත් එසේ ජාවාරම් කළ සමාගමක් අසාදු ලේඛනගත කරන බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා තිබෙන බවත් හෙතෙම පැවසීය.

අසාදු ලේඛනගත කරන සමාගම් වෙනත් නම්වලින් නැවත ඖෂධ ගෙන්විය හැකි බැවින් ඒ ගැන අවධානයෙන් පසුවන ලෙස වෛද්‍ය චමල් සංජීව මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment