මාර්ගගත ඉලෙක්ට්‍රොනික් ජල බිල්පත් ක්‍රමයක් හඳුන්වා දෙයි

129

සිය පාරිභෝගිකයන් වෙත කඩිනමින් සහ විධිමත්ව ජල බිල්පත් ලබා දීමේ අරමුණින් මාර්ගගත ඉලෙක්ට්‍රොනික් බිල්පත් ක්‍රමයක් හඳුන්වාදීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය කටයුතු ඇත. මෙම ක්‍රමය මෙම මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වේ.

මේ තුළින් විධිමත්ව, පහසුවෙන් හා කඩිනමින් පාරිභෝගිකයන් වෙත සිය බිල්පත් ලබාදීම මෙන්ම වියදම අවම කෙරෙමින් පරිසර හිතකාමී සැලැස්මකට අනුගත වීම අපේක්ෂා කෙරේ. මේ සඳහා දැනට ලියාපදිංචි වී ඇති ජංගම දුරකථන අංක සංඛ්‍යාව මිලියන 2.4 ක් පමණ වන බවත් ඉතිරි ලක්ෂ 6ක පමණ දුරකථන අංක ලියාපදිංචි කිරීම සඳහා සෑම ප්‍රදේශයකම කඩිනම් වැඩසටහනක් ආරම්භ කර ඇති බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සාමුහික සන්නිවේදන ඒකකයේ කළමනාකරු සරත්චන්ද්‍ර මුතුබණ්ඩා මහතා සඳහන් කළේය. ඕනෑම පාරිභෝගිකයෙකුට සිහිය ජල බිල්පත් ගිණුම් අංකය 071 – 19399999 යන අංකයට කෙටි පණිවිඩයක් එවීමෙන් ස්වයංක්‍රීය ලියාපදිංචි විය හැකි බවත් යම් හෙයකින් මෙම ජංගම දුරකථන අංකය වෙනස් වන්නේ නම් ඉහත අංකයට ජල බිල්පත් අංකය යොමු කිරීමෙන් ස්වයංක්‍රීයව යාවත්කාලීන කරගත හැකි බවත් ඒමහතා පැවසීය.

මෙම කෙටි පණිවිඩ සේවාව නොමිලේ ක්‍රියාත්මක වන බවද කළමනාකරු මුතුබණ්ඩා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment