විදුලිය මිලට ගන්න අලුත් සූත්තරයක් – තාවකාලික පුනර්ජනනීය බලපත්‍ර අහෝසියි

250

පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේදී ඒ සඳහා නව මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

ඒ අනුව මේ වනවිටත් එම මිල සූත්‍රය සැකසීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ.

ඉකුත් කාලයේදී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත නැඹුරු වීමේ අරමුණින් ලබාදී තිබූ තාවකාලික පුනර්ජනනීය බලපත්‍ර සහ කාලය ඉකුත්ව තිබෙන බලපත්‍ර අහෝසි කරන ලෙසද ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඉදිරි වසර එකහමාරක කාලයේ දී මෙරට බලශක්තිය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ද ඉකුත්දා පැවති ප්‍රගති සමාලෝචනයේදී මේ ගැන සාකච්ඡා වී තිබේ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment