ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් නීතිපති උපදෙස් අනුව සංගම්වලට නව උපදෙස් මාලාවක්

109

ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් ගැසට් කරනු ලැබූ ක්‍රීඩා පනතේ නව සංශෝධනවලට අනුව ඉදිරි නිලවරණ පැවැත්විය යුතු බව වැඩබලන ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අනුර මුතුමාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට හැර සෙසු සියලු ක්‍රීඩා සංගම්වලට ලිඛිතව දැනුම් දී ඇත.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී නිකුත් කළ ක්‍රීඩා පනතේ නව සංශෝධන සම්බන්ධව නීතිපතිවරයාගේ උපදෙස් මත වැඩබලන ක්‍රීඩා අධ්‍යක්ෂවරයා විසින් මෙම නියෝගය සිදු කරනු ලැබ ඇත.

එම සංශෝධන ඇතුළත් ගැසට් පත්‍රය සම්බන්ධව අභියාචනාධිකරණය විසින් නිකුත් කර ඇති අතුරු නියෝගය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට පමණක් බලපාන බැවින් එම සංගම් දෙක හැර සෙසු සියලු ක්‍රීඩා සංගම් ක්‍රීඩා පනතේ නව සංශෝධනවලට අනුව නිලවරණය පැවැත්විය යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේග ක්‍රීඩා පනතේ නව සංශෝධන අනුව ක්‍රීඩා සංගම් සභාපතිවරයකුට අවුරුදු 2 බැගින් දෙවතාවකට වඩා තනතුරට පත්විය නොහැකග ක්‍රීඩා සංගමයක භාණ්ඩාගාරික තනතුරට පත්වන පුද්ගලයන් වරලත් ගණකාධිකරණ සුදුසුකම් සපුරා තිබිය යුතුයග සියලු අපේක්ෂකයන්ගේ වයස් සීමාව අවුරුදු 70ට සීමා කර ඇතග එමෙන්ම ද්විත්ව පුරවැසියන්ට නිලතල දැරීම තහනම් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment