බදු ෆයිල් විවෘත කර ගන්න – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

675

ආදායම් බදු ගෙවීමට බැඳීමක් ඇති සියලු දෙනාම තම ආදායම් බද්ද ගෙවීම සඳහා ලිපිගොනුවක් විවෘත කිරීම තමාගේ වගකීමක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙයි.

ව්‍යාපාරයක් තිබෙන, කුලී සහ පොලී වැනි ආයෝජන ආදායම් තිබෙන, එසේම රැකියාවක නියුක්තව සිටින යම් අයෙකුගේ වාර්ෂික මුළු ආදායම රුපියල් දොළොස් ලක්ෂය (1,200,000) ඉක්ම වන්නේ නම් ඒ සියලු දෙනා ආදායම් බදු ගෙවීමට බැඳී සිටින බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

වාර්ෂික මුළු ආදායම අනුව බදු ගෙවීමට බැඳියාවක් ඇති සියලු දෙනා වහාම ආදායම් බදු ලිපිගොනුවක් විවෘත කිරීමට කටයුතු කරන ලෙසත් එම ලිපි ගොනුව විවෘත කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණ හෝ දෙපාර්තමේන්තුවේ ඊ සේවාව මගින් සිදුකර ගත හැකි බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තවදුරටත් මහජනතාවට දැනුම් දෙයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment