‘රන්මුසු නීලයන්ගේ සටන’ අප්‍රේල් 26 – 27 දෙදින කොළඹ පී.සරාහිදී

54

වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලය හා වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල අතර සමාරම්භක වාර්ෂික අන්තර් පාසල් ක්‍රිකට් තරගය ලබන 26 සහ 27 යන දිනයන්හි කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට දෙවිදුහල් සංවිධායක මඩුල්ල කටයුතු සංවිධානය කර ඇත.

‘රන්මුසු නීලයන්ගේ සටන’ ලෙස නම් කර ඇති අදාළ වාර්ෂික ක්‍රිකට් තරගය පිළිබඳ සමාරම්භක උළෙල හා විශේෂ ආසිරි දේව මෙහෙය වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලේ දී ඉකුත්දා සිදු කෙරුණි.

එහිදී වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහලේ, විදුහල්පති ප්‍රියංජීව ගුණරත්න පියතුමා සහ වත්තල ශාන්ත අන්තෝනි විදුහලේ විදුහල්පතිනි සරෝජනී විජේසිංහ මහත්මිය අදාළ තරගාවලිය පිළිබඳ එකඟතා ගිවිසුමකට අත්සන් තබා දෙපාර්ශ්ව වෙත හුවමාරු කර ගනු ලැබිණ.

පළමු දේශීය කිතුණු සාන්තුවරයාණන් ලෙස පිළිගැනෙන ශුද්ධවූ ජුසේ වාස් මුනිඳුන් සිහිපත් කරමින් පිරිනැමෙන ‘ශාන්ත ජෝශප් වාස් ශූරතා කුසලානය’ ද එහිදී ප්‍රදර්ශනය කෙරුණි.

හැඳල – ජේ ස්ටැනිස්ලස් පයස්

advertistmentadvertistment
advertistmentadvertistment