බෙල්ලේ කැක්කුමට බලපාන හේතු

495

බෙල්ල ආශ්‍රිතව පවතින වේදනාව වර්තමාන සමාජයේ තරුණ, මහලු වයස් භේදයකින් තොරව බහුලව දක්නට ලැබෙන රෝගී තත්ත්වයකි.

මෙම වේදනාවට බලපාන හේතු හා එය අපි හඳුනාගන්නා ආකාරය පිළිබඳව දැනුවත් බවක් ලබා තිබීම මගින් නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවී රෝගය ඉතා පහසුවෙන් සුවපත් කරගත හැකිය.

බෙල්ල

බෙල්ල යනු කශේරුකාවේ ඉහළම කොටසයි. කශේරුකා 7කින් සැදුනු මෙය අස්ථි, පේශි, නහර, ස්නායුවල නිර්මාණ කොටසකි. බෙල්ලෙහි කශේරුකා දෙකක් අතර පිහිටා තිබෙන අන්තර් කශේරුකා මඩල හෙවත් කාටිලේජ් දිරාපත් වීමක් ගෙවියෑමක්, පැතලි වීමක් නිසා ඇතිවන වෙනස ප්‍රදාහක තත්ත්වයක් ලෙස හඳුන්වනවා. මෙය බෙල්ලෙහි ඇතිවන ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වයකි. මේ නිසා වේදනාව දැනෙන්න පුළුවන්. degenerative changes ලෙස X – ray වාර්තාවල සටහන් වෙනවා.

මෙම වේදනාව හටගත් හේතුවට නිවැරදි ප්‍රතිකාර නොලැබුණහොත් මෙම ගෙවීයෑම නිසා කශේරුකා එකිනෙකට ගැටීම සිදුවිය හැකිය. එවැනි තත්ත්වයකදී අස්ථි කැබලි කශේරුකා දාරවල සෑදීම නිසා ස්නායු තෙරපීම ඇතිවී වේදනාව අත දිගේ ඇති වෙන්න පුළුවන්. මෙම අවස්ථාවට පත්වන විට මුල් තත්ත්වය දැන් ටිකක් බරපතළ වී ඇත. ගෙවීයන ස්ථාන තදවීමක්, දිරායෑමක්, පටුවීමක් නිසා ස්නායු තෙරපීමක් වුවද ඇතිවිය හැකිය. එය cervical spondylosis ලෙස x -ray වාර්තාවලින් දැනගත හැකිය.

හෝමෝන වෙනස්කම්, වයස නිසා, පෝෂණය අඩුකම නිසාත්, අස්ථි දිරායෑමත් වේදනාවට හේතු වෙනවා. එය අපි Osteoporosis ලෙස හඳුන්වනවා. එය Dexa Scan එකෙන් අපට තහවුරු කරගන්න පුළුවන්.

අස්ථි දෙකක් අතර කාටිලේජ් ජෙල් වැනි කොටස ඉදිරියට නෙරා ඒම (disc bulge) කියනවා. එයත් වේදනාවට හේතුවක්. මෙය x -ray / MRI වාර්තාවල සටහන් වෙනවා. එම ජෙල් කොටස සුෂුම්නාව තෙරපුනොත් දැරිය නොහැකි අධික වේදනාවක් බවට පත් වෙනවා. එය cervical herniation ලෙස පවසනවා. මෙය MRI වාර්තාවල සටහන් වෙනවා.

වයස්ගත වන විට අස්ථි එකිනෙක ගැටීමේදී වෙනස් වී සිදුවන අසාමාන්‍ය වර්ධනය නිසා ස්නායු මාර්ග පටුවී වේදනාව ඇති කරනවා. මෙය cervical stenosis කියනවා. මේ තත්ත්වයත් x -ray / MRI වාර්තාවල සටහන් වෙනවා.

අස්ථි එකිනෙක ලිස්සා යෑම නිසා වේදනාව ඇතිකරනවා. බොහෝ අයට මෙවැනි අවස්ථාව වේදනාවට වඩා පිච්චෙනවා වගේ දැනේ. මෙය slip disc නැත්නම් spondyloliathesi ලෙස පවසනවා. මෙය Grade I, Grade II, Grade III, Grade IV, ලෙස ශ්‍රේණිගත කරනවා. මේ තත්ත්වයත් x -ray / MRI වාර්තාවල සටහන් වෙනවා.

අස්ථි අතර ඇතිවන වෙනස්කම් තව බොහෝමයක් තියෙනවා. මෙහිදී වේදනාව පමණක් නැතිකරන ඖෂධ ගැනීම තුළින් මේ තත්ත්ව නොදැනුවත්ම වර්ධනය වී ශල්‍යකර්මවලට මුහුණ දීමට සිදු වෙනවා.

මෙම හේතුවලට අමතරව බෙල්ල අවට අස්ථි අතර බන්ධනී තදවීම, මාංශපේශි තදවීම නිසා ද උරහිස දක්වා වේදනාව ගමන් කරයි. මෙවැනි අවස්ථාවලදී බොහෝ අයගේ උරහිස, අතේ උඩ බාහුව යන ප්‍රදේශවල වේදනාවක් හටගනී. මෙය එක් බාහුවකට හෝ දෙකටම වේදනාව ගෙනදෙන හේතුවක් ලෙසද බලපෑ හැකිය.

මීට අමතරව එදිනෙදා කටයුතුවලදී අපි ඉන්න ඉරියව්, වැඩ කරන ආකාරය ද බෙල්ලේ වේදනාවට බලපානවා. පරිගණක ආශ්‍රිතව සේවය කරන අය, මහත අය විශේෂයෙන් මින් බොහෝ පීඩාවට පත්වෙනවා. ඒ වගේම රැකියාවේ ආතතියත් හේතු වෙනවා. එය දීර්ඝ කාලීනව තිබුණහොත් බෙල්ලේ කණ්ධරාබන්ධනී තදවීමට ලක්වී ටිකෙන් ටික අස්ථි වෙනස්වීම්ද සිදුවෙන්න පුළුවන්. හිසට රුධිරය ගෙනයන නාළවලට අවහිරතා ඇතිවුවහොත් අධික හිසරදය පවා මේ නිසා ඇතිවෙන්න පුළුවන්.

නොසිතූ අවස්ථාවල සිදුවන හදිසි අනතුරු නිසාත්, වයසට වඩා අධික තරබාරුව, ජානමය බලපෑම්. දුම් පානය, මත්පැන් පානයත් බෙල්ල වේදනාවට හේතු වෙනවා.

මෙසේ කුමන හෝ හේතුවන් මත බෙල්ල ආශ්‍රිතව ඒ ඇතිකරන අස්ථි, පේශි, නහර, ස්නායුගත වෙනසක් බාහිරට පෙන්වන ආකාරය රෝග ලක්ෂණයක් වෙනවා.

එනම් බෙල්ල උඩ එන අධික වේදනාව අධික හිසරදය අතේ උඩ බහුවේ එන අධික වේදනාව, මෙය මැණික් කටු සන්ධිය මාපට ඇඟිල්ල, දබර ඇඟිල්ල, මැද ඇඟිල්ල, දක්වා එන වේදනාව වගේම හිරිවැටීම වෙන්න පුළුවන්. මෙය එක අතකින් පටන් අරන් අත් දෙකේම වුණත් ඇති වෙන්න පුළුවන්. එවිට බෙල්ල නිසි ලෙස චලනය කරන්න බැරිවීම, සමබරතාව නැතිව වැටෙන්න යෑම, මධ්‍යම රාත්‍රියට එන වේදනාව මෙසේ බොහෝ විට බෙල්ල ස්නායු තෙරපුමට ලක් වීම නිසා ඇති වෙනවා.

මෙවැනි වෙනස් වීමක් පෙන්වන රෝග ලක්ෂණ හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාරවලදී ප්‍රධාන තැනක් ගන්නවා. අප වෛද්‍ය ක්‍රමයේ “සමාන දෙයින් සමාන දේ සුවපත් වේට්යන මූලධර්මයට අනුව රෝග ලක්ෂණයට සමාන වූ ඖෂධය දීම තුළ බෙල්ලෙහි අස්ථි, පේශි, නහර, ස්නායුගතව වෙනස් වූ වෙනස වේදනාව ඇති කළ හේතුව ඇතුලාන්තයෙන්ම ටිකෙන් ටික යථා තත්ත්වයට ගෙන ඒම සිදුකරනවා. ගෙවී යන කාටිලේජ්, අස්ථිපටක නැවත ගොඩනැඟීම, ස්නායු යථා තත්ත්වයට පත්වීම ඉන් සිදු වෙනවා.

හෝමියෝපතිවල විශේෂම ලක්ෂණය මෙය බෙල්ල පමණක් නොව කොන්ද, දණහිස්, ශරීරයේ කොතනක හෝ ඇතිවන මේ ව්‍යුහාත්මක වෙනස්කම් වගේම රසායනික වෙනස්වීම්, ප්‍රතිශක්තිකරණය ගොඩනැඟීම තුළින් ගෙවීගිය සෑම ස්ථානයක්ම යථා තත්ත්වයට පත් කරනවා. මේ නිසා රෝග ලක්ෂණ නැතිවී යෑම, රෝගියාට නිට්ටාවට සුවය ලබාදීමද සිදු කළ හැකිය.

වැඩි විස්තර සඳහා දුරකථන අංක 071 8250716 ඇමැතිය හැකිය.

බෙල්ලේ කැක්කුමට බලපාන හේතු

එච් කේ හෝමියෝපති
ආරෝග්‍යශාලාවේ නිර්මාතෘ
වෛද්‍ය අනුෂා හේමකුමාර
එච් කේ හෝමියෝපති හෙල්ත් කෙයාර්
නො.12, පී. බී. අල්විස්
පෙරේරා මාවත, කටුබැද්ද, මොරටුව.සංස්කරණය

advertistmentadvertistment
advertistmentadvertistment