දරුණු ජල ගැලීම් හේතුවෙන් ඕක්ලන්ඩ් නගරයට හදිසි නීතිය

252

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමගම හටගත් දරුණු ජල ගැලීම් හේතුවෙන් නවසීලන්තයේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් නගරය තුළ හදිසි නීතිය පැනවීමට නවසීලන්ත රජය විසින් පියවර ගෙන තිබේ. ඊයේ (09දා) දිනයේ ඕක්ලන්ඩ් නගරයට ඇද හැලී ඇති ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හටගත් ජල ගැලීම්වලින් නිවාස හා ගොඩනැගිලි ජලයෙන් යට වී ඇති අතර ගස් මහා මාර්ගවලට පෙරළීම හේතුවෙන් මෝටර් රථ මාර්ගවල සිර වීම මෙන්ම දුම්රිය ගමනාගමනයට බාධා පැමිණීම සිදු ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඕක්ලන්ඩ් නගරයේ උතුරෙන් පිහිටි ප්‍රදේශයක උමං ගුහාවක් ජලයෙන් යට වීම් හේතුවෙන් එහි සිටි උසස් අධ්‍යාපනය හදාරන සිසුවෙකු අතුරුදන්ව ඇති බව පොලිසිය විසින් නිවේදනය කර තිබේ. අතුරුදන්ව සිටින සිසුවා සොයමින් පොලිසිය විසින් මෙහෙයුමක් දියත් කර ඇති අතර පවතින තත්ත්වය මත අනවශ්‍ය සංචාරයන්හි නිරත නොවන ලෙසත් ජලයෙන් යට වී ඇති මහා මාර්ගවල වාහන පැදවීමෙන් වැළකී සිටින ලෙසත් බලධාරීහු ජනතාවගෙන් ඉල්ලීම් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment