ආරියපුර අතරමංවූ හඳුන් දිවි පැටවු තිදෙනා වනජීවියෙන් බේරා ගැනෙති

113

තේ වත්තේ මවගෙන් වෙන්ව අතරමංව සිටි හඳුන් දිවි පැටවු තිදෙනකු එම සතුන් හැදුණු වැඩුණු තේ වත්තේ පරිසරයටම මුදාහැරීමට බගවන්තලාව පොලිසියේ නිලධාරීන් සහ නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් පියවර ගැණින.

බගවන්තලාව, බි්‍රඩ්වෙල් වතුයායට අයත් ආරියපුර ජනපදයට ආසන්නයේ පෙරේදා (18 දා) උදෑසන සිටි හඳුන් දිවි පැටවු තිදෙනකු තම නිවස ආසන්නයට පැමිණ සිටි බවට එම ජනපදයේ පදිංචිකරුවන් බගවන්තලාව පොලිසියට සහ නල්ලතන්නිය වනජීවී නිලධාරීන් වෙත කළ දැනුම්දීමක් මත එම නිලධාරින් පැමිණ අතරමංව සිටි හඳුන් දිවි පැටවුන් තිදෙනා එම පරිසරයටම පළවා හැරීමට පියවර ගැණින. අතරමංව සිටි හඳුන් දිවි පැටවුන් තිදෙනාගේ මව වෙනත් ස්ථානයක සිට ආරක්ෂාව උදෙසා හඳුන් දිවි පැටවුන් ආරියපුර ජනපදයට යාබදව තේ වත්තට රැගෙනවිත් දමන්නට ඇති බවත්, එම පැටවුන් තිදෙනා යළිත් මව විසින් වෙනත් ස්ථානයකට රැගෙන යන බව නල්ලතන්නිය වනජීවී නිලධාරීන් පැවසීය.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment