කෝල්ට්ස් සහ මුවර්ස් ඉනිමකින් ජය ගනියි – අන්තර් සමාජ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලිය

125

අන්තර් සමාජ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් නිමාවට පත් වුණු පළමු සති අන්තයේ පැවැති තරග 12 අතරින් කෝල්ට්ස් සහ මුවර්ස් ක්‍රීඩා සමාජ ඉනිමක ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

 කැන්ඩි කස්ටම්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 340 ක ජයක් කෝල්ට්ස් පිල වාර්තා කරද්දී ලන්කන් පිලට එරෙහිව ඉනිමක සහ ලකුණු 104 ක ජයක් වාර්තා කිරීමට මුවර්ස් ක්‍රීඩා සමාජය සමත්විය. ඊට අමතරව බදුරලිය, යුද හමුදාව සහ ගුවන් හමුදාව පූර්ණ තරග ජයග්‍රහණ වාර්තා කළේය.

 බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී කෞමාල් නානායක්කාර කඩුලු 13 ක් දවා ගනිමින් යුද හමුදා කණ්ඩායමට ලකුණු 202 ක දැවැන්ත ජයක් කරා රැගෙන යෑමට මුල් වූ අතර පළමු ඉනිමේදී ඔහු ලකුණු 46 කට කඩුලු 5 ක් ද දෙවැනි ඉනිමේදී ලකුණු 75 කට කඩුලු 8 ක් ද දවා ගැනීමට සමත්වූවේය. ඊට අමතරව ගුවන් හමුදාවේ ගයාන් සිරිසෝමද සමස්ත තරගයේදී කඩුලු 12 ක් දවා ගනිමින් (පළමු ඉනිමේදී ලකුණු 41 ට කඩුලු 7 ක් සහ දෙවැනි ඉනිම ලකුණු 39 ට කඩුලු 5 ක්) පන්දුවෙන් කැපී පෙනිණ.

 අවිශ්ක පෙරේරාගේ ද්විත්ව ශතකයත් සමඟ වර්ණවත් වුණු පළමු සතියේදී රාගම ක්‍රීඩා සමාජයේ නිශාන් මදුෂ්ක ඉනිම දෙකේදීම ශතක වාර්තා කිරීමට සමත්වීම විශේෂත්වයක් විය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති එම තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 150 ක් ලබා ගත් මදුශ්ක දෙවැනි ඉනිමේදී ලකුණු 100 ක් ලබා ගත්තේය.

 මීට අමතරව 42 හැවිරිදි වියේ පසුවන චාමර සිල්වා පළමු පෙළ ලකුණු 15,000 සීමාව ඉක්මවාලීමට සමත්වීමද සතියේ වූ සුවිශේෂී සිදුවීමක් විය. බී.ආර්.සී. එරෙහිව පැවැති තරගයේදී පොලිස් පිල වෙනුවෙන් ලකුණු 111 ක් රැස් කිරීමට චාමර සිල්වා සමත්වූවේය.

කෝල්ට්ස් පිලට ඉනිමක සහ ලකුණු 340ක ජයක්
 

 කෝල්ට්ස් පළමු ඉනිම පන්දු වාර 101 කදී කඩුලු 4 ට ලකුණු 506 යි – අවිශ්ක පෙරේරා 236, හෂාන් දුමිඳු 130, රවිඳු රශාන්ත 69, විශාද් රන්දික 31, නිසල ආකාෂ් 103/2

 කැන්ඩි කස්ටම්ස් පළමු ඉනිම ලකුණු 70 (33.2) යි – චානක විජේසිංහ 10, මොහොමඩ් ශිරාස් 25/5, අකිල ධනංජය 11/3 සහ දෙවැනි ඉනිම පන්දු වාර 30.3 කදී ලකුණු 96 යි – සිද්ධාර්ත් චිත්නිස් 24, විශ්ව විජේරත්න 22, අකිල ධනංජය 23/4, චමෝද් බට්ටගේ 07/2, ධනංජය ලක්ෂාන් 33/2

මුවර්ස්ට ඉනිමක සහ ලකුණු 104ක ජයක්
 

 මුවර්ස් පළමු ඉනිම පන්දු වාර 101.4 කදී කඩුලු 8 ට ලකුණු 500 යි – පසිඳු සූරියබණ්ඩාර 133, රමේෂ් මෙන්ඩිස් 78, රිසිර වීරසූරිය 67, සොහාන් ද ලිවේරා 75, ඉමිතියාස් ස්ලාසා 52, මොහොමඩ් ෂාමාස් 52, පබසර වඩුගේ 32, රජීව වීරසිංහ 118/3, හසුරු තාරක 41/2, යසිරු රුද්‍රිගු 112/2.

 ලන්කන් පළමු ඉනිම පන්දු වාර 73 කදී ලකුණු 196 යි – දේශාන් ඩයස් 45, ෂෙහාන් ප්‍රනාන්දු 40, මිරංග වික්‍රමගේ 36, ඉසිවර දිසානායක 32, තීසන් විතුසන් 36/4, දිනුක ඩිල්ෂාන් 37/2 සහ දෙවැනි ඉනිම පන්දු වාර 55 කදී ලකුණු 200 යි – ෂෙහාන් ප්‍රනාන්දු 64, සංඛ පූර්ණ 31, රවීන්ද්‍ර පත්මනාදන් 27, රවිඳු රත්නායක 21, චානුක ඩිල්ෂාන් 49/4, තිලංග උදේශන 33/2, තීසන් විතුෂන්39/2

බදුරලියට කඩුලු 7 ක ජයක්
 

 බදුරලිය පළමු ඉනිම පන්දු වාර 96.4 කදී ලකුණු 301 යි – අනුක් ප්‍රනාන්දු 138, දුනිත් ජයතුංග 84, ගිහාන් රූපසිංහ 41, ධනුෂ්ක සඳරුවන් 71/5 සහ දෙවැනි ඉනිම පන්දු වාර 7.5 කදී කඩුලු 3 ට ලකුණු 51 යි – අනුක් ප්‍රනාන්දු 22.

 මීගමුව පළමු ඉනිම පන්දු වාර 31.5 කදී ලකුණු 80 යි. – මිසනුර් රහමන් 35, චලන ද සිල්වා 41/6, නිර්මලා රත්නායක 17/3 සහ දෙවැනි ඉනිම පන්දු වාර 84.4 කදී සියලු දෙනා දැවී ලකුණු 270 යි – ජටින් සක්සේනා 103, දිමුත් සඳරුවන් 48, ජීවක රශ්මිත 48, අලංකාර අසංක 70/4, නිර්මල රත්නායක 64/3, අනුක් ප්‍රනාන්දු 34/2

යුද හමුදාවට ලකුණු 202 ක ජයක්
 

 යුද හමුදාව පළමු ඉනිම පන්දු වාර 82.3 කදී ලකුණු 256 යි – දිනේෂ් චන්දිමාල් 152, අසේල ගුණරත්න 28, ලක්ෂාන් එදිරිසිංහ 27, නිමේෂ් පෙරේරා 32/3, දිනෙත් සමරවීර 41/2, චානක කොමසාරු 116/2 සහ දෙවැනි ඉනිම පන්දු වාර 46 කදී කඩුලු 4 ට ලකුණු 179 යි – ෂෙහාන් ප්‍රනාන්දු 49, අසේල ගුණරත්න 41, තිසර පෙරේරා 28, පැතුම් කුමාර 21, තුලින ඩිල්ෂාන් 20, චානක කොමසාරු 50/2,

 බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම පන්දු වාර 31 කදී ලකුණු 95 යි – ලහිරු මධුශංක 19, කෞමාල් නානායක්කාර 46/5, ෂොෂාද සොයිසා 05/2, අසංක මනෝජ් 34/2 සහ දෙවැනි ඉනිම පන්දු වාර 43 කදී ලකුණු 138 යි – ළහිරු මධුශංක 38, මාධව වර්ණපුර 28, නෙත්ම කරුණාරත්න 25, කෞමාල් නානායක්කාර 75/8

ගුවන් හමුදාවට ලකුණු 230 ක ජයක්
 

 ගුවන් හමුදාව පළමු ඉනිම පන්දු වාර 84 කදී ලකුණු 249 යි. ආදිත්‍ය සිරිවර්ධන 69, උදේවංශ පරාක්‍රම 54, සිතිජ චමෝද් 34, ගයාන් සිරිසෝම 22, දිලංක අවුරිත් 93/4, අයේෂ් දේවින්ද 76/3 සහ දෙවැනි ඉනිම පන්දු වාර 53 කදී කඩුලු 6 ට ලකුණු 200 යි – සිතිජ චමෝද් 69, උදේවංශ පරාක්‍රම 40, සසිඳු නානායක්කාර 31, දේවින්ද අහේස් 71/3, ඩිලන්ක අවුරිත් 62/2

 නාවික හමුදාව පන්දු වාර 31.2 කදී ලකුණු 113 යි – සහන් කෝසල 39, කවිඳු රණසිංහ 25, ඔමේෂ් මෙන්ඩිස් 23, ගයාන් සිරිසෝම 7/41, දුලංජල මෙන්ඩිස් 22/2 සහ දෙවැනි ඉනිම පන්දු වාර 53.3 කදී ලකුණු 106 යි – රශ්මික මෙවන් 26, ගයාන් සිරිසෝම 39/5, දුලාංජල මෙන්ඩිස් 19/2, දේශාන් ප්‍රනාන්දු 25/2

advertistmentadvertistment
advertistmentadvertistment