සිසුවෙකුට හෙල්මටයෙන් පතුරු යන්න ගහලා

459


බීමතින් පැමිණි ක්‍රීඩා පුහුණුකරුවන් දෙදෙනෙකු නැටුම් පුහුණුවීම් සිදු කර පාසලේ සිට නිවෙස් වෙත යාමට විදුහල් දොරටුව අසල සිටි සිසුවෙකුට හෙල්මටයක් කැඩෙන තුරු පහරදී ඇතැයි වැලිගම ප්‍රසිද්ධ පාසලකින් වාර්තා වේ.

එම සිද්ධියෙන් පසුව එම ස්ථානයේ සිටි අනෙක් සිසුන් වැලිගම පොලිසියට ගොස් කල පැමිණිල්ලකට අනුව පහරදීම සිදු කල ක්‍රීඩා උපදේශයන් දෙදෙනා අත් අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කල බව වැලිගම පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment