මන්ත්‍රීලා දෙදෙනාගේ හැසිරීමේ රහස කැපිලා පෙනීම කථානායක

252

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු නොමනා ලෙස සභාගැබේ හැසිරුණේ ජනතා අවධානය දිනා ගැනීමේ අරමුණින් යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිවයින’ට පැවසීය.

ඇතැම් මන්ත්‍රීවරුන් කැමරා ඉදිරියේ හැසිරෙද්දී තමන් කරන්නේ කියන්නේ මොනවාදැයි නොදන්නා බව ද ඒ මහතා කීය.

කථානායක පුටුවේ කවුරු සිටියත් එවන් අවස්ථාවලදී පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය රැකගනු පිණිස ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය ගත් බව ද ඒ මහතා කීය.

උත්තරීතර පාර්ලිමේන්තුවේ ගෞරවය රැකදීම කථානායකවරයාගේ වගකීම බවත්, එබැවින් පාර්ලිමේන්තු සභාගැබේ නොමනා ලෙස හැසිරුණු මන්ත්‍රීවරරුන් දෙදෙනා ඉන් ඉවත් කළ බවත් කථානායකවරයා පැවසීය.
නෝමන් පලිහඩවන

advertistmentadvertistment
advertistmentadvertistment