හොර ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් 6000ක් අත්අඩංගුවට

123

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් පසුගිය 10 දා ලබාදුන් නියෝගයෙන් පසු රට පුරා සිදුකරන ලද වැටලීම්වලින් ව්‍යාජ ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් 6000 ට ආසන්න ප්‍රමාණයක් සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් පැවති ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී හෙළිදරව් විය.

එසේ අත්අඩංගුවට ගන්නා ලද මත්පැන් නිෂ්පාදනය කළ ආයතන ලැයිස්තුව, එම මත්පැන් අලෙවි කළ වෙළෙඳසල් පිළිබඳව හා වැරදිකරුවන්ට එරෙහිව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ගනු ලබන නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් මේ මස 31 වැනිදාට පෙර කාරක සභාව වෙත ලබාදෙන ලෙස කාරක සභාවේ සභාපතිවරයා සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment