දියණිය මුදලට විකිණූ මවට සහ සැකකරුවන්ට ඇප නෑ

508

14 හැවිරිදි බාලවයස්කාර දියණිය පුද්ගලයන්ට මුදලට විකිණූ එම දැරියගේ අම්මාට සහ දැරියව අපයෝජනයට ලක්කළ සැකකරුවන් දෙදෙනාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය සැකකාරියව සහ සැකකරුවන් දෙදෙනා තවදුරටත් එළැඹෙන 05 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට පෙරේදා (22 දා) පස්වරුවේ නියම කළාය. අධිකරණ නියමයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන 43 හැවිරිදි සැකකාරිය (දැරියගේ මව) සහ දිවුලපිටිය, උල්ලලපොළ පදිංචි 52 හැවිරිදි සැකකරුත්, මිනුවන්ගොඩ, නිල්පනාගොඩ පදිංචි 42 හැවිරිදි සැකකරුවත් මෙසේ තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කෙරුණි. දැරියව අපයෝජනයට ලක් කිරීමේ චෝදනා මත දැරියගේ සහෝදරියගේ සැමියාද අධිකරණ නියමයෙන් රිමාන්ඩ් භාරයට පත්කර ඇති බව අධිකරණයේදී සඳහන් විය. අපයෝජනයට ලක් වූ දැරිය මීගමුව ප්‍රදේශයේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක රඳවා සිටින බවත්, සැකකාරියගේ මව බන්ධනාගාර ගතවීම හේතුවෙන් හව්හරණක් නොමැති වූ දැරියගේ කුඩා සහෝදරයාව මිනුවන්ගොඩ ප්‍රදේශයේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක අධිකරණ නියමයෙන් රඳවා ඇති බවටත් අධිකරණයේ දී වැඩිදුරටත් සඳහන් විය.
මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment