පාසල් සිසුවකු පුද්ගලයකුට කඩුවකින් පහරදීලා

276

රත්ගම පන්විල ප්‍රදේශයේ පාසල් සිසුවකු හා තවත් අයෙකු එක්ව ඊයේ (29) පස්වරුවේදී පුද්ගලයකුට කඩුවකින් අතට පහරදී, තුවාල සිදුකොට ඇති බැව් රත්ගම පොලිසිය පවසයි.

තුවාලකරු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති අතර ඔහුගේ දකුණු අතේ ඇඟිලිවලට තුවාල වී ඇත.

මිට පෙර වු පහරදීමක් සම්බන්ධයෙන් ඇතිවු පුද්ගලික ආරවුලක් මත මෙම පහරදීම වී ඇති බැව් පොලිස් පරික්ෂණවලදී අනාවරණය වි තිබේ. තුවාල ලබා ඇත්තේ පන්විල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.

මෙකි පහරදීමට සම්බන්ධ 16 හැවිරිදි පාසල් සිසුවා සහ 24 හැවිරිදිවියේ පසුවන අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගැනිම සදහා පොලිස් පරික්ෂණ පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment