ජාතික ඔරු පැදීමේ ශූරතාවලිය

84

ශ්‍රී ලංකා ආධුනික ඔරුපැදීමේ සංගමය විසින් සංවිධානය කරන ලද එස්එල්ටී මොබිටෙල් මගින් බලගැන්වුණු 38 වැනි ජාතික ඔරුපැදීමේ ශූරතාව පසුගියදා අවසන් විය. කනිෂ්ඨ, අන්තර්-මධ්‍යම සහ ජ්‍යෙෂ්ඨ යන කාණ්ඩ යටතේ දින 4 ක් පුරා පැවති මෙම තරගාවලියට ඔරු පැදීමේ ක්‍රීඩා සමාජ 21 කට අධික සංඛ්‍යාවක් සහභාගී විය.

ශ්‍රී ලංකා ආධුනික ඔරුපැදීමේ සංගමයේ හිටපු සභාපති සහ එස්එල්ටී මොබිටෙල් සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ අතර, එම සංගමයේ සභාපති දිමුත් ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment