චීන සර්කස් ශිල්පිනියක් සංදර්ශනයක් අතර ඇදවැටී මියයයි

545

චීන සර්කස් ශිල්පිනියක් සංදර්ශනයක් අතරතුර උස් ස්ථානයකින් ඇද වැටී මියගොස් තිබේ.

‘සන්’ නමැති මෙම කාන්තාව සිය සැමියා සමඟ එම සංදර්ශනය ඉදිරිපත් කිරීම සිදු කරමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණදී තිබේ. ශිල්පිනිය සර්කස් සංදර්ශනය ඉදිරිපත් කරන අවස්ථාවේදී ආරක්ෂක මෙවලම් කිසිවක් භාවිත කර තිබී නොමැත. අනතුරින් පසු වහාම රෝහල්ගත කළත්, ඇයගේ ජීවිතය බේරාගැනීමට වෛද්‍යවරුන් සමත්වී නොතිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment