එන්නතෙන් පසු කළුතර සිසුහු 10 ක් රෝහලට

633

කළුතර ඥානෝදය විදුහලේ ඊයේ (28 දා) දහවල් සිසුන්ට එන්නතක් ලබාදීමෙන් පසු විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කළ සිසුන් දස දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශික්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

වයස අවුරුදු 12 සහ 13 වියේ පසුවන ළමුන් පිරිසක් මෙසේ රෝහල් ගතකර ඇති බව සඳහන් වේ.

7 සහ 8 ශ්‍රේණිවල ඉගෙනුම ලබන එම වයස් කාණ්ඩවල සිසුන්ට ලබාදෙන වැඩිහිටි ගලපටල පිටගැස්ම එන්නත ලබාදී ඇති බවට වාර්තා වන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරුන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් ඊයේ (28 දා) එම විද්‍යාලයේදී මෙම එන්නත ලබාදී තිබේ.

එන්නත ලබාදීමෙන් පසු ළමුන් අසනීපව ඇති බවත් හුස්ම ගැනීමේ අපහසුතා, ක්ලාන්ත සහ බියට පත්වීම ඇතුළු විවිධ රෝග තත්ත්වයන් පෙන්නුම් කර ඇති බවත් සඳහන් වේ.

අසනීප තත්ත්වයන් පෙන්නුම් කළ සිසුන් ගිලන් රථ ගෙන්වා කඩිනමින් රෝහල් ගතකිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇති බව කළුතර අධ්‍යාපනය සම්බන්ධ උසස් බලධාරියෙක් පැවසීය.

කළුතර නාගොඩ ශික්ෂණ රෝහල වෙත රැගෙනවිත් ආ සිසුන් ප්‍රතිකාර සඳහා කළුතර ගල්ලස්සේන ළමා හා කාන්තා රෝහලට යොමුකර ඇති බව නාගොඩ ශික්ෂණ රෝහලේ උසස් නිලධාරියෙක් පැවසීය.

සුළු අසනීප තත්ත්වයක් ඇතිවීමෙන් රෝහල් ගත කළ සිසු සිසුවියන් 10 දෙනා මඳ වේලාවකට පසු රෝහලෙන් මුදාහැර තිබුණි

වාද්දුව – සුමිත් පොතුපිටිය කළුතර විශේෂ – එස් ආරච්චිගේ සහ

advertistmentadvertistment
advertistmentadvertistment