චන්දිමාල්ගෙන් පාසලට ගෘහස්ථ පුහුණු ක්‍රීඩාගාරයක්

250

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් තැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල්ගේ ධන පරිත්‍යාගයෙන් ධර්මාශෝක විදුහල් බිමෙහි ඉදිකරන ලද ගෘහස්ථ පුහුණු තීරුව ඊයේ (01 වැනිදා) පෙරවරුවේදී විවෘත කරන ලදි.

පාසල් දිවිය අවසන් වීමෙන් පසු චන්දිමාල් සේවය කළ ඩිමෝ ආයතනයේ සභාපති රංජිත් පණ්ඩිතගේ මහතාගේ නමින් එම ගෘහස්ථ ක්‍රිකට් පුහුණු තීරුව නම් කර ඔහු ලවාම විවෘත කිරීමට කටයුතු යොදා තිබිණ.

මෙම ක්‍රිකට් පුහුණු තීරුව ඉදිකිරීමට චන්දිමාල් විසින් වැය කරන ලද මුදල රුපියල් ලක්ෂ 200 කි.

ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් බිමල් විදානගේ මහතාගේ අදහසක් අනුව මෙම ගෘහස්ථ ක්‍රිකට් පුහුණු තීරුව ඉදිකිරීමට දිනේෂ් චන්දිමාල් කටයුතු කළ අතර එය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉදිකිරීම් අංශයේ නිලධාරීන්ගේ පූර්ණ ශ්‍රමදායකත්වය හිමි වී තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment